2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,250.00 0.18
 S&P  3,530.90 0.12
   
Turnover Rs.mn 1472.3
Updated at 2013-05-10 06:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.54  127.59
191.83  197.43
161.59  166.98
1.2271   1.2705
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-10 06:05PM


 

ODEL මිලදී ගැනීමට විදෙස් සමාගමක් එකඟ වෙයි
07/26/2012 16:33


මෙරට ප්‍රමුඛතම විලාසිතාගාරයක් වන ඔඩෙල් සමාගමේ සියයට 41.8 ක කොටස් මැලේසියාවේ, වියට්නාමයේ හා ඉන්දුනීසියාවේ සුපිරි සාප්පු පවත්වාගෙන යන සමාගමක් විසින් මිලදී ගැනීමේ ගිවිසුමකට පැමිණ තිබේ.

මේ අනුව, Parkson Retail Asia නම් සමාගම විසින් මෙම මිලදී ගැනීම කිරීමට යන අතර මේ වෙනුවෙන් රුපියල් බිලියන 1.424 ක මුදලක් ගෙවීමට එකඟ වී ඇත.

නැගෙනහිර ආසියාව පදනම් කරගත් මෙම සමාගම ඔඩෙල් කොටසක් වෙනුවෙන් රුපියල් 23.50 ක මුදලක් ගෙවීමට සූදානම් අතර මිලදී ගැනීමට යන කොටස් ප්‍රමාණය මිලියන 60.6 කි.

අනාවරණය වන්නේ මෙම ගැණුම් කරුවා විසින් අනිකුත් කොටස්ද අදාළ මිලටම මිලදී ගැනීමට ඉදිරියේදී ලංසු තබනු ඇති බවයි.

පසුගිය දින කිහිපයේදී මෙම ගනුදෙනුව පිළිබඳ පැතිරුණු රාවයන් නිසා ඔඩෙල් කොටසක් රුපියල් 17 ක පමණ මට්ටමක සිට රුපියල් 23 ක් වැනි මිලක් දක්වා ඉහළ නැගුණි.

ඔටාරා ගුණවර්ධන සතුව ඔඩෙල් කොටස් වලින් සියයට 27.8 ක් තවදුරටත් පවතිනු ඇති බවත් ඇය එහි ප්‍රධාන විධායක ධූරය තවදුරටත් දරනු ඇති බවත් සඳහන්ය.