2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

කොටි දෙදෙනෙක් භාර වේ
12/18/2008 13:19

දෙසැ,18,(Vimasuma) –අද උදෑසන එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් දෙදෙනෙකු පූනරින්හි හමුදා භට පිරිස් වෙත පැමිණ භාර වූ බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.

අවුරුදු 27 සහ 33 වයසේ පසු වූ මෙම ත්‍රස්තවාදීන් දෙදෙනා පුනරින් කාර්ය සාධක බළකා 01 හි භට පිරිස් වෙත මෙසේ භාර වූ බව මාධ්‍ය මධ්‍යස්ථානය කියයි.

මේ අතර පරන්තන් බටහිර සහ කිලිනොච්චි වයඹ ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් ඉදිකර තිබූ ආරක්ෂක පස්බැම්මේ බලය සම්පූර්ණයෙන්ම තහවුරු කර ගැනීමට හමුදා භට පිරිස් සමත් වූ බව ආරක්ෂක අංශ පවසයි.

ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ, යුද හමුදා 57 වන සේනාංකයේ සහ කාර්ය සාධක බළකා 01 හි භට පිරිස් ඊයේ දහවල් වන විට මෙම ප්‍රදේශය අල්ලා ගැනීමට සමත් වූ බව යි.

මෙම ප්‍රදේශ වලදී යුද හමුදාව සහ කොටි ත්‍රස්තවාදීන් අතර දරුණු ගැටුම් ඇති වූ අතර පසුගිය අඟහරුවාදා ආරම්භ වූ ගැටුම් ඊයේ උදෑසන දක්වාම පැවති අතර හමුදා ප්‍රහාරයන් හමුවේ ත්‍රස්තවාදීන් පලා ගොස් ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය කියයි.

පසුව ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුම් වලදී ‍ප්‍රදේශය පුරා විසිරී තිබූ ත්‍රස්තවාදීන්ගේ මළ සිරුරු 15 ක්, යුද උපකරණ සහ පතරොම් විශාල ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වී තිබේ.

මේ අතර ඊයේ කිලිනොච්චි අඩම්පන් දකුණ සහ ඉරණමඩු දකුණ, බටහිර ප්‍රදේශවල ඊයේ උදෑසන සිට සවස් කාලය දක්වාම දරුණු ගැටුම් ඇති වූ අතර මෙහිදී ත්‍රස්තවාදීන්ට දැඩි ප්‍රහාර එල්ල කිරීමට ආරක්ෂක අංශ සමත් වූ බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.

කිලිනොච්චි නිවිල් ප්‍රදේශයේ ඊයේ දින සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකින් අනතුරුව ත්‍රස්තවාදී මළ සිරුරු 04ක් සොයා ගෙන ඇත.

එමෙන්ම ටි.56 ගිනි අවි 03ක්, සන්නිවේදන කට්ටලයක්, ක්ලේමෝ බෝම්බ 02ක් සහ ටී.56 ගිනි අවි 2040 ක් මේ සමඟ හමු වූ බව මාධ්‍ය මධ්‍යස්ථානය කියයි.

මේ අතර කොටි ත්‍රස්තවාදීන් හට දැඩි ප්‍රහාර එල්ල කරමින් මුලතිව් කුමලමුනේ ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ දරුණු ගැටුම් ඇවිලී ගිය බව ආරක්ෂක අංශ ප්‍රකාශ කරයි.

මේ අතර යාපනය, මුහමාලේ යුද පෙරමුණේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් අවි ස්ථාන ගත කර ඇති ස්ථාන ඉලක්ක කරමින් ඊයේ දහවල් ප්‍රහාර එල්ල කර තිබේ.

ආරක්ෂක අමාත්‍යාංශය පවසන පරිදි, කොටි ත්‍රස්තවාදීන් විසින් අවස්ථා 03 කදී මුහුමාලේ ඉදිරි ආරක්ෂක වළල්ලේ සෙබලුන් ඉලක්ක කරමින් මෝටාර් ප්‍රහාර එල්ල කර ඇති අතර මෙම ප්‍රහාර වලින් යුද හමුදා සෙබලුන් සුළු තුවාල ලබා ඇත.

කෙසේවෙතත් හමුදාවෙන් එල්ල වූ ප්‍රහාර වලින් කොටි ත්‍රස්තවාදීන්ට බරපතල හානි සිදුව ඇති බව එල්.ටී.ටී.ඊ. පණිවිඩ හුවමාරු වලින් සනාථ වූ බව ද ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.



ඊ‍යේ කිලිනොච්චි ගැටුම්වලින් අනතුරුව හමු වූ කොටි මළ සිරුරු

ඡායාරූප අනුග්‍රහය- රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය