2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

දියකඩනයට කොන්ක්‍රීට් කුට්ටි 34,000 ක්
07/11/2012 16:47


කොළඹ දකුණු වරායේ ගොඩනගමින් තිබෙන කිලෝ මීටර් 5.4 ක් දිග දියකඩනය සඳහා දරුණුතම මෝසම් කාලගුණ තත්ත්වයන්හිදීත් ආරක්ෂාව සැලසෙන පරිදි ටොන් 20 ක් බරැති කොන්ක්‍රීට් කුට්ටි 34,000 ක් පමණ යොදාගත් බව නිළධාරියෙකු කියයි.

ඩොලර් මිලියන 375 ක වියදමින් ඉදිකරන මෙම දියකඩනය තුළ 2020 වනවිට බහාලුම් පර්යන්ත තුනක් ගොඩනැගීමට සැලසුම් කර තිබෙන අතර වත්මන් වරායේ දියකඩනය පසුගිය සියවසේ මුල් කාලයේදී බ්‍රිතාන්‍යයන් විසින් ගොඩ නැගූවකි.

වත්මන් දියකඩනය ගොඩ නැගීමට භාවිතා කරන මෙම ටොන් 20 ක කොන්ක්‍රීට් කුට්ටි Core Loc concrete units යනුවෙන් හඳුන්වන බව, එංගලන්තය පදනම් කරගත් ඉංජිනේරු සැලසුම් උපදේශක සමාගමක් වන URS Scott Wilson සමාගමේ නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරුවරයා වන Kane Satterthwaite කොළඹ පැවති වරාය හා නාවික සමුළුවේදී කීය.

ඔහු පැවසුවේ 1876 දී හටගත් දරුණු මෝසම් සුළඟක් නිසා කොළඹ වරාය ආසන්නයේ ටොන් 14 ක් බර ගලක් පෙරලුණු බවට සාක්ෂි තිබෙන බවයි.

මෙවැනි කොන්ක්‍රීට් කුට්ටි යොදාගනු ලැබුවේ පරිසරයට හානි නොවන අයුරින් එවැනි කළුගල් තොගයක් ලංකාව තුළින් සොයා ගැනීමට අපහසු නිසා යැයි හෙතෙම වැඩිදුරටත් පැවසීය.