2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,466.67 1.35
 S&P  3,649.35 1.67
   
Turnover Rs.mn 1282.7
Updated at 2013-05-20 04:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.75  127.80
188.96  194.47
159.28  164.60
1.2075   1.2499
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-20 04:05PM


 

අප්‍රේල් දක්වා අය-වැය ඉලක්ක අවුල් වෙයි
07/02/2012 16:44


Sri Lanka budget deteriorates up to April

මේ වසරේ මුල් මාස හතර තුළදී 2012 වසරේ ඉලක්කගත අයවැය හිඟය දෙගුණ වී තිබෙන අතර බදු ආදායමට සාපේක්ෂව වර්තන වියදම් විශාල ලෙස ඉහළ ගොස් තිබෙන බව අනාවරණය වේ.

රජයේ නිළ දත්ත වලට අනුව මේ වසරේ අප්‍රේල් දක්වා රාජ්‍ය ආදායම සියයට 7.2 කින් වර්ධනය වී රුපියල් බිලියන 305.5 ක්වී තිබෙන අතර වර්තන වියදම් සියයට 23.4 කින් වර්ධනය වී රුපියල් බිලියන 445.3 ක්වී ඇත.

මේ කාලයේදී පොලී වියදම් රුපියල් බිලියන 142.2 ක සිට රුපියල් බිලියන 173.6 ත් දක්වා වැඩිවී තිබෙන අතර පොහොර සහනාධාර වියදම දෙගුණ වී රුපියල් බිලියන 13.0 ක්වී තිබේ.

බදු ආදායම් වැඩිවී ඇත්තේ සියයට 10.7 කිනි. නිළ දත්ත අනාවරණය කරන ආකාරයට 2012 අප්‍රේල් දක්වා බදු ආදායම් ලෙස රුපියල් බිලියන 276.4 ක මුදලක් උපයාගෙන තිබුණත් බදු නොවන ආදායම් සියයට 17.5 කින් අඩුවී උපයාගෙන ඇත්තේ රුපියල් බිලියන 29.0 කි.

මේ අනුව, මේ වසරේ මුල් මාස හතර තුළදී ආදායම් හිඟය හෙවත් සම්පූර්ණ ආදායම හා වර්තන වියදම අතර පරතරය සියයට 86 කින් වර්ධනය වී තිබේ. එම ආදායම් හිඟය රුපියල් බිලියන 139. 8 ක් වන අතර එය පුරෝකතනය කර තිබෙන දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.8 ක ප්‍රමාණයක් වෙයි.

2012 අයවැය මගින් පුරෝකතනය කර තිබෙන්නේ බදු ආදායම් ලෙස ට්‍රිලියනයක මුදලක් උපයා ගැනීම වන අතර එය ගිය වසරේ බදු ආදායමට වඩා සියයට 23.6 ක වැඩි අගයකි.

මීට අමතරව, ශුද්ධ ප්‍රාග්ධන වියදම්ද මේ කාලයේදී සියයට 46 කින් වර්ධනය වී රුපියල් බිලියන 143.8 ක් වැයකර තිබෙන අතර මේ නිසා සමස්ත අයවැය හිඟය රුපියල් බිලියන 285.8 ක් හෙවත් දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 3.81 ක්වී තිබේ.

මේ සඳහා දීමනා ඇතුළත්ව නොමැති අතර දීමනා ප්‍රමාණය රුපියල් බිලියන 2.0 ක් පමණක් වෙයි.

බලාපොරොත්තු

මුදල් අමාත්‍යංශය පවසන්නේ ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් මූල්‍යනය විදේශ මූලාශ මගින් සිදුකළ බවත් ඉදිරියේදී සමස්ත වියදම් අඩුවනු ඇතැයි විශ්වාස කරන බවයි.

විදේශ මගින් මූල්‍යනය කරන ව්‍යාපෘති මෙරට මූල්‍ය පද්ධතියට හෝ විනිමය අනුපාතයට වැඩි පීඩනයක් එල්ල නොකරයි.

බැංකු ණය

බදු මගින් වැඩි මුදල් ප්‍රමාණයක් උපයා ගැනීමට හැකි වන්නේ නම් බැංකු මූලාශ මගින් අයවැය මූල්‍යන කටයුතු අඩුකර ගැනීමට රජයට හැකිවේ.

එවිට විනිමය අනුපාතය හා උද්ධමනය ස්ථාවරව පවත්වා ගෙන යාමට අවස්ථාව උදාවේ.

කෙසේවෙතත්, බදු ආදායම් අඩුවීමත් වර්තන වියදම් වැඩිවීමත් තුළ ඇතිවී තිබෙන අර්බුදය වන්නේ වියදම් පියවා ගැනීම සඳහා රජය බැංකු ණය වෙත වැඩිපුර නැඹුරු වීමට මග පාදන වට පිටාවක් නිර්මාණය වෙමින් තිබීමයි.

මුල් මාස හතරේ අයවැය හිඟයේ දේශීය මූල්‍යනය වූ රුපියල් බිලියන 198 ක මුදලින් රුපියල් බිලියන 131.9 ක් බැංකු මූලාශ්‍ර වලින් පියවා තිබෙන අතර බැංකු නොවන මූල්‍යන කටයුතු රුපියල් බිලියන 90.4 ක සිට රුපියල් බිලියන 66.8 ක් දක්වා අඩුවී තිබීම කැපී පෙනේ.

බදු නොවන ආදායම් ලෙස උපයා තිබෙන රුපියල් බිලියන 33 ක මුදලින් රුපියල් බිලියන 10 ක්ම මහ බැංකුවේ ලාභ එවීම් වලින් ලැබී තිබෙන අතර මෙහිදී මුදල් අච්චු ගැසීම නිසා රුපියල මත තවදුරටත් පීඩනයක් ඇතිවේ.