2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,250.00 0.18
 S&P  3,530.90 0.12
   
Turnover Rs.mn 1472.3
Updated at 2013-05-10 06:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.54  127.59
191.83  197.43
161.59  166.98
1.2271   1.2705
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-10 06:05PM


 

වාහන බදු අඩු කරන්නැයි ජනපතිගෙන් ඉල්ලයි
07/02/2012 10:53


සියයට 200-350 ත් අතර ප්‍රමාණයකින් වාහන බදු වැඩිවීම නිසා සිය කර්මාන්තය අර්බුදයකට ලක්ව ඇති නිසා වාහන බදු අඩුකරන ලෙස රජයෙන් ඉල්ලීමක් කළබව ශ්‍රී ලංකා මෝටර් රථ වෙළෙඳුන්ගේ සංගමය කියයි.

ශ්‍රී ලංකා මෝටර් රථ වෙළෙඳුන්ගේ සංගයේ සභාපති දේශමාන්‍ය තිලක් ගුණසේකර “විමසුම“ ට පැවසුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් මෙම ඉල්ලීම කළ බවත් ළඟදීම එයට විසඳුමක් නොලැබුණත් දිගු කාලීනව විසඳුමක් ලැබෙනු ඇතැයි තම සංගමය අපේක්ෂා කරන බවයි.

අඩු පොලී අනුපාතය, විනිමය අනුපාතය ස්ථාවර වීම, වාහන ආනයන බදු අඩුවීම හා ආර්ථික වර්ධනය වැඩිවීම යන සාධක මත ඉතිහාසයේ වාර්තාගත වාහන අලෙවියක් ගිය වසරේදී සිදුවූ අතර රජය දැවැන්ත වෙළඳ හිඟයකට මුහුණදීම නිසා පිටතට ගලායන මුදල් ප්‍රවාහ අඩුකිරීමේ අදහසකින් රජය පසුගියදා වාහන බදු විශාල ලෙස වැඩි කළේය.

රජය මුහුණ දී සිටින ආර්ථික අභියෝග වලට මුහුණ දීම සඳහා මේ වනවිට පොලී අනුපාතය වැඩිකර තිබෙන අතර විනිමය අනුපාතය නිදහසේ තීරණය වීමට අවස්ථාව ලබාදීම නිසා රුපියල විශාල ලෙස අවප්‍රමාණය වී තිබේ.

මෙය වාහන අලෙවිය අඩුවීමට හේතුවී තිබෙන අතර මේ වසරේදී මෙරට වාහන අලෙවි සමාගම් වල ලාභ සියයට 30-35 අතර අගයකින් අඩුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මීට අමතරව, ගිය වසරේදී ලියාපදිංචි වූ මෝටර් රථ 64,000 ක් වැනි සුවිශාල ප්‍රමාණය 40,000 ක පමණ මට්ටමකට මේ වසරේදී අඩුවනු ඇතැයි ශ්‍රී ලංකා මෝටර් රථ වෙළෙදුන්ගේ සංගමය විශ්වාසය පළ කරයි.

මෙවැනි පසුබිමක් තුළ මෙම කර්මාන්තයේ තවදුරටත් රැකියා ප්‍රමාණය වැඩිකළ නොහැකි බව තිලක් ගුණසේකර මහතා කීය.

පසුගිය කාලයේදී මෙරට මූල්‍ය ක්‍රමයට කරන ලද ගැලපුම් මගින් අපනයන ආදායම වැඩිකර ගැනීමටත් ආනයන වියදම අඩුකර ගැනීමටත් ඉලක්ක කර ඇත.

මේ තුළින් මේ වසරේදී වෙළඳ හිඟය අඩුකර ගැනීමට රජය ඉලක්ක කර තිබේ.




Comments

1. lakmal
amati kenek kiuwa den lankawe wahana wedilu mama kiyanawa awit balanna api inna ratawalwala kohomada kiyala hema gedarakatama wahana 4,5 tiyenawa
2. Koralalage
Reduce the tax only for cars, not for three wheelers