|
මේ අනුව, ගනුදෙනු ආරම්භ වී මුල් පැය කිහිපය තුළදී කොටස් වෙළඳපොළ සියයට 1 කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගිය අතර වැවිලි අංශයේ මෙන්ම දැවැන්ත සමාගම්වල කොටස්වලට තිබෙන ඉල්ලුම වර්ධනය වී තිබේ.
අද උදෑසන සිදුවූ ගනුදෙනු වලදී සමස්ත මිල දර්ශකය සියයට 1.21 කිනුත්, මිලංක මිල දර්ශකය සියයට 1.81 කිනුත් වර්ධනය වූ බව කොටස් වෙළඳපොළ තැරැව්කරුවෝ පවසති.
වටවල වැවිලි සමාගමේ කොටසක් රුපියල් 6.00 කින් ඉහළ ගොස් රුපියල් 125 කටද, උඩුපුස්සැල්ලාව වැවිලි සමාගමේ කොටසක් රුපියල් 1.75 කින් ඉහළ ගොස් රුපියල් 33.50 කටද අළෙවි විය.
මීට අමතරව, තලවකැලේ වැවිලි සමාගමේ කොටසක් රුපියල් 2.00 කින් ඉහළ ගොස් රුපියල් 29.00 කටද, නමුනුකුල වැවිලි සමාගමේ කොටසක් රුපියල් 2.50 කින් ඉහළ ගොස් රුපියල් 33.50 කටද, මල්වත්ත වැලි, වැවිලි සමාගමේ කොටසක් රුපියල් 5.50 කින් ඉහළ ගොස් රුපියල් 50.00 කටද, බලන්ගොඩ වැවිලි සමාගමේ කොටසක් රුපියල් 3.25 කින් ඉහළ ගොස් රුපියල් 32.00 කටද අලෙවි වූ බව, කොටස් තැරැව්කරුවෝ කියති.
මේ අතර, ජෝන් කීල්ස්, ඩිස්ටිලරීස්, සෙලාන් බැංකුව, රිචඩ් පීරිස්, ලංකා සිමෙන්ති, සෙලින්කෝ ඉන්ෂුවරන්ස්, යන සමාගම්වල කොටස් මිල ගණන්ද වැඩිවී ඇත.
|