2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට
01/13/2008 21:53

පෙ‍ට්‍රල් 10 කින්, ඩීසල් 05 කින්, භූමිතෙල් 02 කින් නගී

ජන,13,(විමසුම) – අද මධ්‍යම රාත්‍රියේ සිට ඛනිජ තෙල් මිල ඉහළ දමන බව, ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා කියයි.

මේ අනුව, පෙට්‍රල් ලීටරයක් රුපියල් 10 කින්ද, ඩීසල් ලීටරයක් රුපියල් 05 කින්ද, භූමිතෙල් ලීටරයක් රුපියල් 02 කින්ද ඉහළ දමන බව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති අෂන්තා ද මෙල් මහතා පවසයි.

ඔහු සඳහන් කරන්නේ, රජය අවසන් වරට ඛනිජ තෙල් මිල ගණන් වැඩිකළේ පසුගිය අගෝස්තු මාසයේ බවයි.

“අපිට මේ විදිහට යන්න අමාරුයි. මේ දෙසැම්බර් වනවිට ඉන්ධන වෙළඳ පොළ මිලට අඩුවෙන් විකිණීම නිසා, අපි උපයපු ලාභ සියල්ලම ඉවර වුණා.”

යනුවෙන් අෂන්තා ද‍ මෙල් මහතා පවසයි.

ඔහු සඳහන් කරන්නේ, මේ ජනවාරි මාසයේදී ලංකා ඛනිජ තෙල් සංස්ථාව රුපියල් බිලියන 3.2 ක පාඩුවක් ලබන බවයි.

මෙම ඉන්ධන මිල වැඩි කිරීම නිසා උපයාගත හැක්කේ, එම පාඩුවෙන් 50% ක් පමණක් බව, ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා කියයි.

අද මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් රුපියල් 05 කින් මිල ඉහළ දැමුවත්, තවමත් ඩීසල් ලීටරයකින් රුපියල් 15 ක් පාඩු ලබන බව, හෙතෙම සඳහන් කරයි.

මීට අමතරව, අද භූමිතෙල් ලීටරයක් රුපියල් 02 කින් ඉහළ දැමුවත් භූමිතෙල් ලීටරයකින් රුපියල් 21 ක් පාඩු ලබන බව, අෂන්තා ද මෙල් මහතා පවසයි.