2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,466.67 1.35
 S&P  3,649.35 1.67
   
Turnover Rs.mn 1282.7
Updated at 2013-05-20 04:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.75  127.80
188.96  194.47
159.28  164.60
1.2075   1.2499
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-20 04:05PM


 

ගාසා ආක්‍රමණය වහා නවත්වනු - යුරෝපය (Photo)
01/04/2009 14:00

ජන,04 (විමසුම) – ඊශ්‍රායල හමුදා ගාසා තීරය ආක්‍රමණය කිරීම පිළිබඳව ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් ගණනාවකින් අප්‍රසාදය පළ වෙයි.

පසුගිය දිනවල ඊශ්‍රායලය හා ගාසා තීරයේ සිය අණසක පතුරවා ගෙන සිටි හමාස් සංවිධානය අතර සිදු වූ ගැටුම් හා බෝම්බ පිපිරීම් හේතුවෙන් 460කට ආසන්න පලස්තීනුවන් පිරිසක් ඝාතනය වී ඇති අතර දහස් ගණනක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.

මේ වන විට ඊශ්‍රායල හමුදා විසින් ගාසා තීරයේ ඉලක්ක 45කට අධික සංඛ්‍යාවකට ගුවන් ප්‍රහාර එල්ල කර ඇති අතර ඔවුන්ගේ නාවික හමුදාව විසින් හමාස් සංවිධානයේ ප්‍රධාන බුද්ධි ඒකකය පිහිටි ස්ථානයට ද ප්‍රහාර එල්ල කර ඇත.

මේ සම්බන්ධයෙන් සිය අදහස් පළ කල ඇ.එ.ජ. ජනපති ජෝර්ජ් බුෂ් සඳහන් කළේ හමාස් සංවිධානය විසින් පසුගිය දිනවල තමන්ගේ වෙඩි බලය වර්ධනය කර ගැනීමෙන් පෙනී යන්නේ ඔවුන්ට පලස්තීන ජනතාව කෙරෙහි කැක්කුමක් නොමැති බව යයි ද හමාස් සංවිධානය විසින් පසුගිය දිනවල ඊශ්‍රායලයට එරෙහිව දියත් කළ ප්‍රහාර හේතුවෙන් පලස්තීනුවන්ට සිය ජීවිත අවදානම වැඩිවී ඇති බැවින් මෙසේ ආරක්ෂක පියවරක් වශයෙන් ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීම සාධාරණ වන බවයි.

කෙසේ වෙතත් ඊශ්‍රායල හමුදා විසින් ගෙන යන මෙම ක්‍රියාමාර්ගය නිසා ලොව පුරා දහස් සංඛ්‍යාත පිරිසක් වීදීවලට බැස ඊ‍ට එරෙහිව උද්ඝෝෂණ ආරම්භ කර තිබේ.

මේ අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ද මෙතෙක් “ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළ යුතු ද, නැද්ද” යන්න පිළිබඳව නිශ්චිත තීරණයක් ගත නොහැකි වී ඇති අතර සටන් විරාමයක් ඇති කිරීම සඳහා සඳහා වන ඉල්ලීම ද ආරක්ෂක මණ්ඩලය ප්‍රතික්ෂේප කර ඇත.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් හිටපු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ගෝර්ඩන් බ්‍රවුන් මහතා කියා සිටින්නේ ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර ගාසා තීරයේ සිදු කරන හමුදාමය ක්‍රියාමාර්ගය වහාම අත්හිටුවන ලෙසයි.

කෙසේ වෙතත් මේ පිළිබඳව සිය අදහස් දක්වන ඊජිප්තු විදේශ කටයුතු අමාත්‍යවරයා කියා සිටියේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට මේ පිළිබඳව අවසන් නිගමනයකට එළඹීමට නෙහැකිවීම, ඊශ්‍රායලය විසින් ගාසා තීරය ආක්‍රමණය කිරීමේ “කොල” එළියක් වනු ඇති බවයි.








ඡායාරූප - ලොස් ඇන්ජලීස් ටයිම්ස්