2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

මාලබේ සිට ගාලු මුවදොරට අධිවේගී මාර්ගයක් ?
05/15/2007 10:21

මැයි,15,(විමසුම) – මාලබේ සි‍ට ගාලු මුවදොර පරණ පාර්ලිමේන්තුව දක්වා, උමං හෝ කනුමත අධිවේගී මාර්ගයක් ඉදිකිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය සූදානම් වේ.

මාර්ග සංවර්ධන අධික‍ාරියේ සභා‍පති, එම්.බී.එස් ප්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ, මේ පිළිබඳව නොමිලේ ශක්‍යතා අධ්‍යනයක් කිරීම සඳහා මැලේසියාවේ ඉදිකිරීමේ සමාගමක් සමග රජය ගිවිසුමක් අත්සන් කර ඇති බවයි.

මෙම මාර්ග ව්‍යාපෘතිය කළහැකි බවට එම සමාගමේ ශක්‍යතා වාර්තාව මගින් හඳුනාගනු ලැබුවෙ‍ාත්, මාර්ගය ඉදිකිරීම පිළිබඳව කටයුතු කළ හැකිබව, මාර්ග සංවර්ධන අධිකාරිය කියයි.

වේගයෙන් දියුණු වෙමින් පවතින මාලබේ ප්‍රදේශයේ සිට කොළඹ නගරයට පිවිසීමට මේ වනවිට, අධික වාහන තදබදය නිසා, ඉතා වැඩි කාලයක් ගතවේ.

මේ නිසා, මේ සඳහා විකල්ප මාර්ගයක් අවශ්‍ය බව, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා පවසයි.

මීට අමතරව, කටුනායක කොළඹ අධිවේගී මාර්ගය හා නුවර කොළඹ අධිවේගී මාර්ගය ඉදිකිරීම පිළිබඳවත් මේ වනවිට, අධිකාරිය සාකච්ඡා කරමින් සිටින බව, ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

මේ අනුව, කටුනායක කොළඹ අධිවේගී මාර්ග ව්‍යාපෘතිය වෙනුවෙන්, මැලේසියානු- ප්‍රංශ සමූහය නැමති සමාගම විසින් ඉදිරිපත් කරන ලද, මූල්‍ය හා තාක්ෂණික වාර්තා රජය පිළිගෙන තිබේ.

මෙම මාර්ග ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 190 ක් පමණ වැයවෙතැයි ඇස්තමේන්තු කර ඇත.

මීට අමතරව, නුවර කොළඹ අධිවේගී මාර්ගය පිළිබඳව ශක්‍යතා වාර්තාවක් සකස් කිරීමට තවත් මැලේසියානු සමාගමක් සමග රජය අවබෝධතා ගිවිසුමකට එළඹී තිබේ.