2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

2008 දී උද්ධමනය දමනය කරනවා
01/04/2008 09:23

- මහ බැංකු අධිපති

ජන,04,(විමසුම) – ඉහළ යන උද්ධමනය පාලනයට හා අපේක්ෂිත ආර්ථික වර්ධන ඉලක්ක ළඟාකර ගැනීමට විධිමත් රාජ්‍ය ණය කළමනාකරණයක අවශ්‍යතාවය, මහ බැංකුව අවධාරණය කරයි.

එමෙන්ම, මේ වසරේ අපේක්ෂිත 7% ක ආර්ථික වර්ධනය ළඟාකර ගැනීම සඳහා, බදු හා බදු නොවන අදායම් ඉහළ නැංවීම, ආදායම් විවිධාංගීකරණයකට ලක් කිරීම හා පුද්ගලික අංශයේ ආයෝජන සඳහා පහසුකම් සලසනු වස්, රාජ්‍ය ආයෝජන ඉහළ දැමීමේ අවශ්‍යතාවයද, මහ බැංකුව පෙන්වා දේ.

මේ වසරේ, ශ්‍රී ලංකාවේ මූල්‍ය ප්‍රතිපත්ති සැලසුම් ඉදිරිපත් කරමින්, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු මූලස්ථාන පරිශ්‍රයේදී, මේ බව හෙළිදරව් කළේය.

“ඉහළ අයවැය පරතරයක් පවතිද්දී, මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තිය සාර්ථකව පවත්වාගෙන යාම අපහසුයි.විශේෂයෙන් මෙම පරතරය පියවීම සඳහා රජය බැංකු අංශයේ සහාය අපේක්ෂා කරද්දී, කලින් තීරණය කරගත් ඉලක්ක කරා යෑම අතිශය දුෂ්කර කටයුත්තක් ”

යැයි කබ්රාල් මහතා මෙහිදී පැවසීය.

පසුගිය, තිස් වසරක පමණ කාලයක් මුලුල්ලේ, මෙරට උද්ධමනය, සාමන්‍යයෙන් 11% ක 12% ක මට්ටමක පැවති බව සඳහන් කරන මහ බැංකුව, පාලනය කළ නොහැකි බාහිර හා අභ්‍යන්තර සාධක මත මේ වනවිට, එය 20% ක මට්ටමකට ළඟාවී තිබෙන බව පවසයි.

ලෝක වෙළෙඳ පොළේ, ඉහළ යන තෙල් මිල හා අනිකුත් බාහිර කම්පනයන් හේතුකොට ගෙන ආර්ථිකය සම්බන්ධයෙන් පූර්ව නිගමනයන් කිරිම අතිශය දුෂ්කර වී ඇතැයිද මහ බැංකුව කියයි.

ඉදිරියේදී උද්ධමනය යම් නිශ්චිත අඩු අගයකට ඉලක්ක ගත කිරීමටද මහ බැංකුවේ අවධානය යොමුව ඇති බවද මෙහිදී මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.