2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

කොටස් පොළ ජාත්‍යන්තර දර්ශකයක් හඳුන්වා දෙයි
06/27/2012 08:26


ප්‍රාග්ධනීකරණය අතින් විශාලතම සමාගම් 20 මෙයට ඇතුළත්

ජාත්‍යන්තර මූල්‍ය දත්ත හා ආයෝජන සේවා සම්පාදකයෙකු වන ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් හා කොළඹ කොටස් වෙළඳ පොළ එක්ව කොටස් වෙළඳ පොළේ ක්‍රියාකාරීත්වය මැනීමට එක්ව නිර්මාණය කෙරුණු S & P Sri Lanka 20 නමින් දර්ශකයක් හඳුන්වා දෙයි.

කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තුගත සමාගම් වලින් වැඩිම ප්‍රාග්ධනීකරණයක් සහිත සමාගම් 20 ක කොටස් මෙම දර්ශකය මගින් මැණීමට සූදානම් වන අතර මෙම දර්ශකයේදී සමාගම්වල කොටස් වර්ග කර තිබෙන්නේ ඒවායේ වෙළඳ පොළ ප්‍රාග්ධනීකරණය, ද්‍රවශීලතාවය හා මූල්‍යමය හැකියාව අනුවයි.

මෙම සමාගම් 20 චලිත වෙළඳ පොළ ප්‍රාග්ධනීකරණය (Float adjusted market capitalization) මගින් බර තබා ඇත්තේ තනි සමාගමක නියෝජනය 15% ක උපරිමයකට යටත් කිරීම මගින් ආයෝජන කළඹේ විවිධාංගීකරණය තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණෙනි.

මෙම දර්ශකයට ඇතුළත් වීම සඳහා එක් සමාගමක් සතුව අවම වශයෙන් රුපියල් මිලියන 500 ක චලිත වෙළඳ පොළ ප්‍රාග්ධනීකරණයක් තිබීම, මාස 06 ක සාමාන්‍ය දෛනික ගනුදෙනු වටිනාකම රුපියල් මිලියනයකට නොඅඩුවීම, නැවත සංසන්දනය කිරීම සිදුකරන දිනයට පෙර මාස තුනක කාලය තුළ එක් මසකදී අවම වශයෙන් දින 10 කදී ගනුදෙනු වී තිබීම හා එම දිනයට පෙර මාස 12 ක කාලය තුළ ධනාත්මක ශුද්ධ ආදායමක් ලබා තිබීම අවශ්‍ය වේ.

මෙම දර්ශකය හඳුන්වා දීම පිළිබඳව කොළඹදී අදහස් දක්වමින් S & P හි, Global Equity & Strategy Indices අංශයේ උප සභාපතිනි අල්කා බෙනර්ජි මහත්මිය මෙසේ සඳහන් කළාය.

“S & P Sri Lanka 20 හඳුන්වාදීමේ අරමුණ වන්නේ දේශීය විදේශීය ආයෝජකයින්ට කොළඹ කොටස් වෙළඳ පොළ ක්‍රියාකාරීත්වය පිළිබඳව තක්සේරුවකට එළඹීමට අවශ්‍ය උපකාරය සැලසීමයි. මෙම වෙළඳ පොළට දෙස් විදෙස් ආයෝජක උනන්දුව වැඩිවී තිබෙන නිසා මෙවැනි දර්ශකයක අවශ්‍යතාවය ඇතිවී තිබෙනවා.“

කොළඹ කොටස් වෙළඳ පොළේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර අදහස් දක්වමින් මෙසේ පැවසීය.

“මෙම පාරදෘශ්‍ය හා විශ්වාසනීය දර්ශකය වෙළඳ පොළ කෙරෙහි ධනාත්මකව බලපාන බව මාගේ විශ්වාසයයි.“

S & P Sri Lanka 20 දර්ශකය ජාත්‍යන්තර ප්‍රමිතීන් හා පිළිවෙත් වලට අනුකූලව නිර්මාණය කෙරී ඇති අතර සියලු කොටස් සමූහයන් GICS හෙවත් ගෝලීය කර්මාන්ත වර්ගීකරණ ප්‍රමිතියට අනුව වර්ග කෙරී ඇත.

GICS යනු S & P Indices හා MCSI එක්ව නිර්මාණය කෙරුණු ප්‍රමිතියක් වන අතර එය ලොව පුරා වෙළඳ පොළ ක්‍රියාකාරීන් විසින් භාවිතා කරයි.

S & P Sri Lanka 20 දර්ශකයට අයත් සමාගම් 20 මෙසේයි.

Commercial Bank of Ceylon PLC

John Keells Holdings PLC

Bukit Darah PLC

Hatton National Bank PLC

Carson Cumberbatch PLC

Sampath Bank

Ceylon Tobacco Co. PLC

DFCC Bank

Aitken Spence PLC

National Development Bank

CT Holdings PLC

Distilleries Co of Sri Lanka PLC

Hayleys PLC

Chevron Lubricants Lanka PLC

Dialog Axiata PLC

Cargills (Ceylon) PLC

Aitken Spence Hotel Holdings PLC

Nestle Lanka PLC

Asian Hotels and Properties PLC

Sri Lanka Telecom




Comments

1. Chamith
This poor selection of companies. 10 out of above 20 companies are very illqiude. i have Experence and i am doing index fund Management.