2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

හම්බන්තොට වරායේ ගබඩා තැනීමට සමාගම් තෝරාගනී
06/28/2012 14:45


Sri Lanka to gives nod for warehouses at Hambantota port

හම්බන්තොට වරායේ ගබඩා පහසුකම් තුනක් ගොඩනැගීමට සමාගම් තුනක් සඳහා කල්බදු පහසුකම යටතේ ඉඩම් ලබාදීමට රජයේ අවසර හිමිවූ බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියයි.

මේ අනුව, අදාළ සමාගම් තුනට හම්බන්තොට වරාය තුළ ගබඩා පහසුකම් ආරම්භ කිරීමට කැබිනට් මණ්ඩලය විසින් අවසර ලබාදී ඇත.

වරාය අධිකාරිය විසින් හම්බන්තොට වරාය කාර්මික වරායන් ලෙස ප්‍රවර්ධනය කරන අතර වාහන ප්‍රති අපනයන කටයුතු වෙනුවෙන් වැඩි ප්‍රමුඛත්වයක් ලබාදී ඇත.

මෙම සමාගම් තුන සඳහා වසර 15 ක් සඳහා මෙම ඉඩම් ලබාදෙන අතර සිදුකිරීමට යන ආයෝජනය ඩොලර් මිලියන 15.5 ක් පමණ වනබව රජය කියයි.

මේ යටතේ හෙක්ටයාර් 2.5 ක ඉඩමක ගබඩා පහසුකම් ගොඩ නැගීම සඳහා McLarens Holdings Ltd සමාගම ඩොලර් මිලියන 4.0 ක්ද, හෙක්ටයාර් 2.0 ක ඉඩමක ගබඩා පහසුකම් ගොඩනැගීමට Ace Distripartks (Pvt) Ltd සමාගම ඩොලර් මිලියන 3.0 ක්ද හෙක්ටයාර් 3.0 ක ඉඩමක ගබඩා පහසුකම් ගොඩනැගීමට Agalawatte Plantaions Plc ඩොලර් මිලියන 8.5 ක්ද ආයෝජනය කිරීමට නියමිතය.