|
ගෘහස්ත පරිහරණයට ගනු ලබන සුදු යකඩ සහ ඇළුමිනියම් භාණ්ඩ කට්ටල 125 ක් පමණ මෙම කන්ටේනරයේ ඇති බවට ශී‍්‍ර ලංකා රේගුව තහවුරු කර තිබේ. ශී‍්‍ර ලංකා පරමාණුක ශක්ති අධිකාරියේ අධීක්ෂණය යටතේ වරාය පරිශ‍්‍රයේ සවිකර ඇති විකිරණ හඳුනාගැනීමේ උපකරණ ආශ‍්‍රයෙන් මෙම කන්ටේනරයේ විකිරණ ද්‍රව්‍ය අඩංගු බවට මූලික හඳුනා ගැනීම සිදුකර ඇත.
කරන ලද පරීක්ෂණ වලින් පිළිකා මර්දනයට භාවිත කරන කොබෝලට් 60 නැමැති කෘත්‍රිම විකිරණය වැඩි වශයෙන් එම භාණ්ඩවල පවතින බව හෙළිවී ඇතැයි අමාත්‍යංශය සඳහන් කරයි.
මේ වනවිට, අදාළ කන්ටේනරය ශ‍්‍රී ලංකා පරමාණුක ශක්ති අධිකාරියේ අධීක්ෂණය යටතේ වරාය අධිකාරියට අයත් විශේෂ ස්ථානයක රඳවා තිබෙන බවත් මෙහි අඩංගු සියලුම භාණ්ඩ කට්ටලවල විකිරණශීලී ද්‍රව්‍ය අඩංගුද යන්න සොයා බැලීම පරමාණුක ශක්ති අධිකාරිය විසින් සිදු කරන බවත් සඳහන්ය.
මීට අමතරව, අදාළ භාණ්ඩ වෙළඳපොළට නිකුත් කිරීම තහනම් කරමින් ශී‍්‍ර ලංකා පරමාණුක ශක්ති අධිකාරිය විසින් ශී‍්‍ර ලංකා වරාය රේගුවට විශේෂ දැනුම්දීමක් කර ඇත. භාණ්ඩ නිෂ්පාදනය කළ සහ බෙදාහැරීම් සිදුකළ ඉන්දීය සමාගම පිළිබඳව තම අධිකාරිය දැනුවත් කරන ලෙසටද ශී‍්‍ර ලංකා රේගුවට දන්වා ඇතිබව පාරමාණුක ශක්ති අධිකාරයේ සභාපති අචාර්ය රංජිත් විජේවර්ධන මහතා පවසයි.
මේ පිළිබඳව ඉන්දීය සහ ජාත්‍යන්තර පාරමාණු ශක්ති ඒජන්සිය දැනුවත් කර මෙම භාණ්ඩ සහිත කන්ටේනරය නැවත ඉන්දියාවට යැවීමට කටයුතු කරන බව එම අධිකාරියේ විකිරණ ආරක්ෂණ හා රෙගුලාසි අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ අනිල් රංජිත් මහතා අවධාරණය කර තිබේ.
|