2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,250.00 0.18
 S&P  3,530.90 0.12
   
Turnover Rs.mn 1472.3
Updated at 2013-05-10 06:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.54  127.59
191.83  197.43
161.59  166.98
1.2271   1.2705
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-10 06:05PM


 

EPF ට අයත් ගලධාරී ණය ගොහොරුවේ තවත් එරෙයි
08/02/2012 10:26


Galadari Hotel sinks further into debt

සේවක අර්ථ සාධක අරමුදලට කොටස් හිමි කොළඹ ගලධාරී හෝටලය තව තවත් ණය උගුලේ පැටලෙමින් තිබෙන බව අනාවරණය වේ.

පසුගිය ජුනි කාර්තුවේදී Galadari Hotels (Lanka) PLC සමාගම රුපියල් මිලියන 323.1 ක ශුද්ධ අලාභයක් වාර්තා කර තිබෙන අතර මෙම අලාභයට විශාල වශයෙන් හේතුවී තිබෙන්නේ විදේශ මුදල් ණය මගින් ලැබෙන විදේශ විනිමය පාඩුව ඉහළ යාමයි.

ජුනි කාර්තුවේදී හෝටලය රුපියල් මිලියන 384.3 ක අදායමක් උපයාගෙන තිබෙන බව කොළඹ කොටස් වෙළඳ පොළට යවා තිබෙන නවතම ගිණුම් වාර්තා වලින් හෙළිවේ.

මේ අනුව, ජුනි කාර්තුවේදී සමාගම රුපියල් 1.77 ක කොටසකට අදාළ පාඩුවක් වාර්තා කර තිබෙන අතර මේ වසරේ මුල් මාස හය තුළදී ලබා තිබෙන කොටසකට අදාළ අලාභය රුපියල් 5.41 කි.

ගිණුම් අනාවරණය කර තිබෙන පරිදි මේ වසරේ මුල් අර්ධයේදී සමාගම විසින් රුපියල් මිලියන 986.1 ක දැවැන්ත අලාභයක් වාර්තා කර ඇත.

ජුනි කාර්තුවේ දළ ලාභය රුපියල් මිලියන 326.5 ක් දක්වා වර්ධනය වී තිබෙන අතර ගිය වසරේ අදාළ කාර්තුවේදී එය රුපියල් මිලියන 206.8 කි.

මේ අතර, 2012 මුල් මාස හය තුළදී දළ ලාභය රුපියල් මිලියන 691.5 ක් දක්වා වර්ධනය වී තිබෙන්නේ ගිය වසරේ අදාළ කාලයේදී රුපියල් මිලියන 513.1 ක මට්ටමක සිටයි.

කෙසේවෙතත්, ජුනි කාර්තුවේදී සමාගම සිය විදේශ මුදල් ණය වලින් රුපියල් මිලියන 330.9 ක පාඩුවක් වාර්තා කර තිබෙන අතර ගිය වසරේ අදාළ කාර්තුවේදී විදේශ මුදල් ණය වලින් සමාගම රුපියල් මිලියන 46.7 ක ලාභයක් වාර්තා කිරීමට සමත් විය.

මේ වසරේ මුල් මාස හය තුළදී විදේශ මුදල් ණය වලින් ගලධාරී සමාගම වාර්තා කර තිබෙන අලාභය රුපියල් බිලියන 1.1 ක් තරම් ඉහළ බව හෙළිවේ.

මේ අතර, සමාගමේ ණය ප්‍රමාණය ජුනි කාර්තුව වනවිට රුපියල් බිලියන 7.4 ක් දක්වා වර්ධනය වී ඇති අතර ගිය වසරේ ජුනි කාර්තුවේදී සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 6.0 ක මට්ටමක තිබී ඇත.

හෝටලයේ දෙවැනියට විශාලතම කොටස් කරුවා වන සේවක අර්ථ සාධක අරමුදලට එහි සියයට 13 ක කොටස් ඇති අතර මෙම කොටස් මිලදී ගැනීම දැඩි දෝෂ දර්ශනයට ලක්වී ඇත.

එයට හේතුව, මෙතරම් පාඩු ලබන මෙම සමාගම වෙනුවෙන් සේවක අර්ථ සාධක අරමුදලේ මුදල් යෙදවීම මගින් ප්‍රතිලාභයක් හිමි නොවීමයි.