2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

දියවන්නාව අසබඩට ජෛව විවිධත්ව උද්‍යානයක්
08/30/2012 12:45


පාර්ලිමේන්තුවට යාබද දියවන්නා ඔය අසබඩ ජෛව විවිධත්ව උද්‍යානයක් ඉදිකිරීමට රජය සූදානම් වේ.

මේ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙන අතර 2014 වසරේදී මෙහි ඉදිකිරීම් අවසන් කිරීමට සැලසුම් කර ඇත.

මෙම උද්‍යානය තුළ ශ්‍රවණාගාරයක්, හරිතාගාරයක්, අලෙවිහලක්, ප්‍රදර්ශන කුටි මහජන උපයෝගීතා ප්‍රදේශයක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙන බව රජය කියයි.

මෙම උද්‍යානය මගින් ජෛව විවිධත්වය ආරක්ෂා කර ගැනීම සඳහා දුර්ලභ ශාඛ සිටුවීමටත් සතුන්, සමනල් විශේෂ ඇති කිරීමටත් සැලසුම් කර තිබෙන බව සඳහන්ය.

මෙම ව්‍යාපෘතිය සිදුකරන්නේ පරිසර අධිකාරිය සමග ඒකාබද්ධව නාගරික සංවර්ධන අධිකාරියයි.