2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,250.00 0.18
 S&P  3,530.90 0.12
   
Turnover Rs.mn 1472.3
Updated at 2013-05-10 06:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.54  127.59
191.83  197.43
161.59  166.98
1.2271   1.2705
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-10 06:05PM


 

මූල්‍ය අරමුදලේ ඉලක්ක අභිබවා උද්ධමනය ඉහළට
08/01/2012 11:08


Inflation accelerates to 9.8-pct in July

මාස පහලොවකට පසුව වාර්තාවූ ඉහළම උද්ධමනය ජූලි මාසයේදී ශ්‍රී ලංකාව විසින් වාර්තා කර තිබේ.

මේ අනුව, රජයේ නිළ දත්ත අනාවරණය කරන්නේ ජූලි මාසයේ උද්ධමනය සියයට 9.8 ක් දක්වා ගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව ඉහළ ගොස් තිබෙන බවයි.

නියං කාලගුණික තත්ත්වය ආහාර නිෂ්පාදනය පහළ යාමට හේතුවී තිබෙන අතර ජුනි මාසයේ උද්ධමනය පැවතියේ සියයට 9.3 ක් ලෙසිනි.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ආහාර කාණ්ඩයේ ඉහළ නැගීම කෙරෙහි සහල්, පොල්, මාළු, සීනි, පළතුරු, එළවළු හා පිළියල කළ ආහාරවල මිල ගණන් ඉහළ යාම දායක වූ බවත් සෞඛ්‍ය, රෙදි පිළි හා පාවහන්, ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ හා දෛනික ගෘහ නඩත්තු හා ප්‍රවාහන යන උප කාණ්ඩයන්හි මිලද වැඩිවූ බවත් සඳහන්ය.

මූල්‍ය අරමුදල පසුගියදා පැවසුවේ මේ වසරේදී මෙරට ආර්ථික වර්ධනය සියයට 6.75 ක් දක්වා අඩුවිය හැකි බවත් උද්ධමනය සියයට 9.5 ක් දක්වා වැඩිවිය හැකි බවයි.