|
එළඹෙන නැගෙනහිර මැතිවරණයට තනිව තරඟ කරන්නේ ද, නැතහොත් ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක් සමඟ එක්ව තරඟ කරන්නේ ද, යන්න පිළිබඳව ඊයේ පැවති සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගත් බවයි ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී හසන් අලි මහතා සඳහන් කළේ.
එමෙන්ම මුස්ලිම් කොන්ග්‍රසයේ සහයෝගය අවශ්‍ය නම් තම පක්ෂයට එම පළාතේ ප්‍රධාන අමාත්‍ය ධූරය ලබා දිය යුතු බවයි මුස්ලිම් කොන්ග්‍රසය පවසන්නේ.එම ප්‍රධාන අමාත්‍ය ධූරය සඳහා හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වූ එම්.එල්.ඒ.එම් හිස්බ්‍රල්ලා මහතාව නම් කිරීමටත් එම පක්ෂය තීරණය කර ඇතැයි වාර්තා වේ. |