|
පසුගිය දෙසැම්බර් කාර්තුවේදී සිය ලාභය සියයට 72.4 කින් ඉහළ ගොස් රුපියල් මිලියන 689 ක් වූ බවද බැංකුව විසින් කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන අතර අදාළ කාර්තුවේදී පොලී ආදායම සියයට 6.2 කින් පහළ ගොස් එය රුපියල් බිලියන 5.1 ක් වූ බවද සඳහන් කර තිබේ.
කෙසේවෙතත්, පසුගිය දෙසැම්බර් කාර්තුවේදී බැංකුවේ පොලී වියදම සියයට 18.3 ක් තරම් විශාල ප්‍රමාණයකින් පහළ ගොස් තිබෙන අතර එම වියදම රුපියල් බිලියන 2.98 කි.
මේ අනුව, අදාළ කාර්තුවේදී බැංකුවේ ශුද්ධ පොලී ආදායම සියයට 17.4 කින් ඉහළ ගොස් තිබෙන අතර එය රුපියල් බිලියන 2.2 ක් වී ඇත.
|