2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,466.67 1.35
 S&P  3,649.35 1.67
   
Turnover Rs.mn 1282.7
Updated at 2013-05-20 04:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.75  127.80
188.96  194.47
159.28  164.60
1.2075   1.2499
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-20 04:05PM


 

Kreeda
HIV ආසාධිතයින් 4000ක් නිදැල්ලේ
12/01/2009 11:00

ලෝකයේ මිලියන 33ක්

දෙසැ,01,(විමසුම) – අදට (01) යෙදී ඇති ජාත්‍යන්තර ඒඩ්ස්‌ දිනයේ මෙවර තේමාව වනුයේ, "ප්‍රතිකාර ලබා ගැනීමේ මානව අයිතිය" යන්න යි.

එක්සත් ජාතීන්ගේ ඒඩ්ස් වැඩ සටහනේ නවතම වාර්තාවන්ට අනුව 2008 වසරේ සමස්ත ලෝකයේ වාර්තා වූ ඒඩ්ස් ආසාධිතයින් මිලියන 33.4ක් වාර්තා වී ඇති අතර මෙම සංඛ්‍යාවෙන් වැඩි ප්‍රමාණයක් අප්‍රිකානු රටවල ජීවත් වන්නන් බව ද සඳහන් වේ.

එමෙන්ම ඒඩ්ස් ආසාධනය වූ වයස අවුරුදු 15ට අඩු ළමුන් මිලියන 2.1ක් ලෙස ද එම වාර්තා පවසයි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම එච්. අයි. වී.ඒඩ්ස්‌ වෛරසය ශරීරගතවූ තැනැත්තා සොයා ගැනීමෙන් පසු මෙම සැප්තැම්බර් මස දක්‌වා වූ කාලයේදී දිවයිනෙන් එච්. අයි. වී. ආසාධිතයන් 1161 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් ඒඩ්ස් රෝගී තත්ත්වයට 302 දෙනෙකු පත්වී ඇති බව වාර්තා වේ.

ළමුන් 41 දෙනෙකුට මේ දක්‌වා එච්. අයි. වී. වෛරසය ශරීරගත වී තිබේ.

1987 දී මෙරට ප්‍රථම ඒඩ්ස් ආසාදිත රෝගියා වාර්තා වූ අතර ශ්‍රී ලංකාවේ මේ වනවිට මිය ගොස්‌ ඇති ඒඩ්ස්‌ රෝගීන්ගේ සංඛ්‍යාව 197 දෙනෙක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙරට නිල වශයෙන් නොලැබී ඇති වාර්තා ද සමඟ මෙරට ඒඩ්ස් රෝගීන් 4,000ක් පමණ ඇතැයි සෞඛ්‍ය වාර්තා කියයි.