ඊයේ රාත්‍රී 8.30 ට පමණ සිදු වූ මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ, 26 හැවිරිදි මෙම ඊ.පී.ඩී.පී සමාජිකයා අනතුරුව වවුනියාව රෝහලට ඇතුළත් කර ඇත.
මේ අතර ත්‍රිකුණාමලය වාඩ්ඩුවන් ප්‍රදේශයේදී එල්.ටී.ටී.ඊය විසින් එල්ල කළ ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයකින් සිවිල් වැසියෙකු තුවාල ලැබූ බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර මහතා පැවසීය.
ඊයේ සවස 7.30 ට පමණ සිවිල් වැසියකු ගමන් කළ වාහනයක් ඉලක්ක කරමින් මෙම ක්ලේමෝ බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇති බව හමුදා ප්‍රකාශකවරයා සදහන් කළේය.
හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර මහතා “විමසුම” ට පැවසුවේ, මෙහි දී තුවාල ලැබූ පුද්ගලයා ඉච්චලාම්පට්ටු රෝහලට ඇතුළත් කළ බවයි.
|