2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,466.67 1.35
 S&P  3,649.35 1.67
   
Turnover Rs.mn 1282.7
Updated at 2013-05-20 04:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.75  127.80
188.96  194.47
159.28  164.60
1.2075   1.2499
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-20 04:05PM


 

Kreeda
ගොඩබිම් සහායට ගුවන් ප්‍රහාර වැලක්!
12/11/2008 14:53

දෙසැ,11,(Vimasuma) – ඉරනමඩු ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ. බංකර් සහ ශක්තිමත් සථාන ඉලක්ක කරමින් ගුවන් ප්‍රහාර එල්ල කළ බව ආරක්ෂක අංශ පවසයි.

අද උදෑසන 10 ත් 11ත් අතර කාලයේදී ප්‍රථම ප්‍රහාරය එල්ල කළ අතර එහිදී ඉලක්ක වී ඇත්තේ, ඉරනමඩු ප්‍රදේශයට වයඹ දෙසින් වූ කොටි ත්‍රස්තවාදීන්ගේ ශක්තිමත් ස්ථාන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

එමෙන්ම ප්‍රහාරක ජෙට් යානා උපයෝගී කර ගනිමින් අද දහවල් තවත් ගුවන් ප්‍රහාර 03 ක් එල්ල කෙරුණු අතර මෙම ප්‍රහාර වල ඉලක්කය වූයේ ඉරනමඩු පස් බැම්මේ සිට කි.මී. 1ක් පමණ නැගෙනහිර දෙසින් වූ එල්.ටී.ටී.ඊ.යට අයත් වූ භූගත බංකර් පෙළකි.

ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ, යුද හමුදා 57 වන සේනාංකයේ භට පිරිස් වෙත සහාය ලබා දීමේ අරමුණින් මෙම ගුවන් ප්‍රහාර දියත් කළ බව යි.

මේ අතර මුලතිව් කුමලමුණෙයි ප්‍රදේශයේ ද ඊයේ ආරක්ෂක අංශ හා එල්.ටී.ටී.ඊ.ය අතර ඇති වූ දරුණු ගැටුම්වලින් අනතුරුව කුමලමුණෙයි ඉදිරි ආරක්ෂක වළල්ල පුළුල් කර ගැනීමට හමුදා භට පිරිස් සමත් වූ බව ආරක්ෂක අංශ පවසයි.

එමෙන්ම යාපනය, කිලාලි, පොන්හාර්, නාගර්කෝවිල් සහ මුහමාලෙයි යන ප්‍රදේශවලදී ඇති වූ ගැටුම්වලදී එල්.ටී.ටී.ඊ.යට බරපතල හානි සිදුවූ බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.