අප්‍රේල්,01,(විමසුම) – වසර 25 ක් සිංගර් ශ්‍රී ලංකා සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක ධූරය දැරූ හේමක අමරසූරිය මහතා ලබන ජුනි 30 දා ස්වකීය ධූරයට සමුදෙන බව, එම සමාගම කියයි.
මේ අනුව, ඊට පසුදින සිට අශෝක පීරිස් මහතා එම ධූරයට පත්වන බවත් සඳහන්ය.
කෙසේවෙතත්, හේමක අමරසුරිය මහතා තවදුරටත් එහි සමාගම් කිහිපයක විධායක නොවන සභාපතිවරයා ලෙස කටයුතු කරන බවද පැවසේ.