2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

Kreeda
පැපිලියානේ ජල නලය යථා තත්ත්වයට
12/01/2008 11:25

දෙසැ,01 (Vimasuma) –පැපිලියාන ප්‍රදේශයේ හානියට පත් ප්‍රධාන ජල නළයේ අලුත්වැඩියා කටයුතු අවසන් කර, මේ වන විට ජල සැපයුම යථා තත්ත්වයට පත්කර ඇති බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ජල නිෂ්පාදන අංශය පවසයි.

ඊයේ අලුයම කලටුවාවේ සිට දෙහිවල ජල සම්පාදන තටාකයට ජලය රැගෙන යන ප්‍රධාන නළය පැපිලියානේදී පුපුරා යාමෙන් බෙල්ලන්තර අවට නිවාස 25 කට පමණ අලාභහානි විය.

සිද්ධිය වූ නිවස ඉදිරිපිට අඩි 7 ක පමණ විෂ්කම්භයක වළක් හෑරී පොළොව අභ්‍යන්තරයේ පිහිටි ප‍්‍රධාන නලය අඩි 5 කට වැඩි ප‍්‍රමාණයකින් පුපුරාගොස් තිබුණු බව ජල සම්පාදන මණ්ඩලය කියයි.

ජල සම්පාදන මණ්ඩලය පවසන අන්දමට, මෙම නළය පුපුරා යන්නට හේතුව වී ඇත්තේ, එම නලය පිහිටි ප්‍රදේශවල අනවසර ඉදිකිරීම් සිදුකර තිබීම යි.