|
ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරන්නේ, නිවැරදිව ලැබුණු බුද්ධි තොරතුරකට අනුව අද උදෑසන 10.45 ට පමණ මෙම ගුවන් ප්‍රහාරය එල්ලකළ බවයි.
මෙම ස්ථානයේ එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පැවති බවත්, බුද්ධි තොරතුරු වලට අනුව කොටි බුද්ධි අංශයට අයත් ඉහළ පෙළේ නායකයින් මෙහි සිටින්නට ඇති බවත්, ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
ප්‍රහාරය සාර්ථක වූ බව, ගුවන් නියමුවන් සනාථ කළ බවද ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරයි.
|