2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

Kreeda
රාජ්‍ය ගිණුම් කාරක සභාව අහෝසි කරන්නෙ නෑ.
01/25/2007 12:19

ජන,25,(විමසුම)- රාජ්‍ය ගිණුම් කාරක සභාව අහෝසි කිරීමට, රජය කටයුතු කරමින් පවතින බවට පළවන, ප්‍රවෘත්ති සත්‍යයෙන් තොර බව, අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අද (25) “මොරගහ කන්ද මහා සමුද්‍රය” ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ උත්සවයේ දී අමාත්‍යවරයා මේ බව පැවසීය.

රජය විසින් රාජ්‍ය ගිණුම් කාරක සභාව අහෝසි කිරීමට පියවර ගිනිමින් සිටින බවට, මේ දිනවල මාධ්‍ය මගින් ප්‍රවෘත්ති පළවන බවත්, ඒවායේ කිසිදු සත්‍යයක් නොමැති බවත්, අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

රජය විසින් රාජ්‍ය ගිණුම් කාරක සභාව අහෝසි කිරීමට කිසිදු තීන්දුවක් ගෙන නොමැති බවත්, මෙම ප්‍රචාර අසත්‍ය බවත් අමාත්‍යවරයා පවසයි.

දැනට රාජ්‍ය ගිණුම් කාරක සභාව කරන පරීක්ෂණ වලදී, පැවති එක්සත් ජාතික පක්ෂ සමයේ දී සිදුවූ වංචා දූෂණ රැසක් අනාවරණය වී ඇති බවත්, ඒ පිළිබඳව විභාග කිරීම ඉදිරියට සිදු කරන බවත්, මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.