MAS Holdings A කණ්ඩායම මර්කන්ටයිල් බැඩ්මින්ටන් ශුරතාවය දිනයි

MAS.jpg

ශ්‍රී ලංකා මර්කන්ටයිල් බැඩ්මින්ටන් සංගමය සංවිධානය කළ 2017 අන්තර් සමාගම් යුගළ කණ්ඩායම් තරගාවලියේ Grand Slam ශුරතාව දිනාගැනීමට MAS හෝල්ඩින්ස් A කණ්ඩායම පසුගියදා සමත් විය, තරගාවලියේ අවසන් තරගය ජූනි 25 වනදා MAS Holdings A කණ්ඩායම සහ McLarens Holdings A කණ්ඩායම අතර පැවැත්විර්‍ණ.

මෙම වසරේ තරගාවලිය සඳහා සමාගම් 37 ක් නියෝජනය කරමින් කණ්ඩායම් 55 ක් සඳහා තරගකරුවන් 427 දෙනෙක් සහ තරගකාරියෝ 164 දෙනෙක් තරග වැදුණහ. මේ අතරින් 50 දෙනෙකුට අධික ක්‍රීඩකයන් පිරිසක් ජාතික තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වූ අතර තරගාවලිය තුළ තරග 445 ක් පවත්වන ලදි.

Novices ශුරතාව CDB (Citizen Development Business Finance PLC) කණ්ඩායම විසින් දිනාගන්නා ලද අතර අබාන්ස් පීඑල්සී කණ්ඩායමට එහි අනුශුරතාව හිමි විය. ‘Bowl’ ශුරතාව ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී සහ එහි අනුශුරතාව IFS Lanka විසින් දිනාගන්නා ලදි. ‘Plate’ ශුරතාව ඉසවුව ඩයලොග් ආසිආටා පීඑල්සී A කණ්ඩායම ජයගත් අතර බ්‍රැන්ඩික්ස් A කණ්ඩායම එහි අනුශුරතාව බවට පත්විය. ‘Cup’ ශුරතාව McLarens B කණ්ඩායම විසින් සහ එහි අනුශුරතාව නේෂන්ස් ට්‍රස්ට් බැංකු කණ්ඩායම විසින් දිනාගන්න ලදි.

“මෙම වසරේ තරගාවලියට සහභාගී වීම සඳහා සමාගම් විශාල සංඛ්‍යාවක් උනන්දු වීම අපට විශාල සතුටක්. මෙම සමාගම් වෙනුවෙන් ජාතික තලයේ ක්‍රීඩකයන් ඇතුළුව අතිදක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රාශියක් සහභාගී වීම නිසා මෙම තරගාවලිය ඉතාමත් සුවිශේෂී තරගාවලියක් බවට පත්වුණා. එමෙන්ම මෙම තරගාවලිය ඉතාමත් උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන තරගාවලියක් ලෙස හැඳින්වීමට පුළුවන්. මෙහිදී ලබාගත් ජයග්‍රහණ වෙනුවෙන් MAS කණ්ඩායම ඇතුළුව සියලූම කණ්ඩායම් වලට උණුසුම් සුබපැතුම් පිරිනැමීමට මා කැමතියි.˜ ලංකා මර්කන්ටයිල් බැඩ්මින්ටන් සංගමයේ සභාපති රොෂාන් ප්‍රනාන්දු මහතා පැවසී ය.

7 වැනි MBA අන්තර් සමාගම් යුගළ කණ්ඩායම් බැඩ්මින්ටන් තරගාවලිය පිරිමි යුගල, මිශ්‍ර යුගල, කාන්තා යුගල සහ පිරිමි ප්‍රවීණ යුගල යන ඉසව් යටතේ පැවැත්විර්‍ණ. සෑම කණ්ඩායමක්ම ක්‍රීඩකයන් 7 දෙනෙකු (ප්‍රවීණයන්ද ඇතුළුව) සහ ක්‍රීඩිකාවන් 3 දෙනෙකු ඇතුළුව 10 දෙනෙකුගෙන් සමන්විත විය.


මර්කන්ටයිල් බැඩ්මින්ටන් සංගමය පිළිබඳව

මර්කන්ටයිල් බැඩ්මින්ටන් සංගමය යනු ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ලියාපදිංචි සංගමයක් වන අතර මෙරට වාර්‍ණජ ක්ෂේත්‍රයේ බැඩ්මින්ටන් ක්‍රීඩා කේන්ද්‍රය ලෙස සැලකෙන එම සංගමයේ සාමාජිකත්වය ලබාගෙන ඇති සමාගම් සංඛ්‍යාව 312 ඉක්මවයි. තරගාවලි සංවිධානය කිරීම ඔස්සේ සාමාජික සමාගම් අතර ක්‍රීඩා කටයුතු ප්‍රචලිත කරමින් ක්‍රීඩාව පරිපාලනය කිරීම මෙන්ම පාසල් හා සංගම් මගින් තරගාවලි සංවිධානය කිරීමට අනුග්‍රහකත්වයන් ලබාදෙමින් කනිෂ්ඨ ක්‍රීඩකයන් අතර ක්‍රීඩාව ජනප්‍රිය කරවීමටද එම සංගමය පියවර ගනී.

ඡායාරූප
AVI – DSI සැම්සන් සමූහ ව්‍යාපාර අභියෝගතා කුසලානය දිනූ MAS Holdings A කණ්ඩායම සමග මර්කන්ටයිල් බැඩ්මින්ටන් සංගමයේ උප සභාපති (ඉසව්) මෝදිත ජයසේකර, Akzo Nobel සමාගමේ අලෙවි ප්‍රධානී රංජිත් පෙරේරා, Captain Sports හි කළමනාකාර අධ්‍යක්ෂ සුජීව හේරත් සහ මර්කන්ටයිල් බැඩ්මින්ටන් සංගමයේ සභාපති රොෂාන් ප්‍රනාන්දු යන මහත්වරුන්

scroll to top