LBR LBO සන්නාම සමුළුව 2016 පශ්චාත් අලෙවිකරණ යුගයේ වේගවත් ගමනක නිරත සන්නාමයන් ඉලක්කගත කරයි

BS2017-Press.jpg

අලෙවිකරණය මියැදී ඇත. දැන් කුමක් සිදු වේද? යන තේමාව යටතේ පිළිවෙලින් පස් වැනි වරටත් මැයි 03 දින පවත්වන LBR LBO සන්නාම සමුළුව සඳහා ශ්‍රී ලාංකික සහ විදෙස් විද්වතුන් දායකත්වය ලබා දෙති.

2017 අප්‍රේල් 25 කොළඹ ලංකා බිස්නස් ඔන්ලයින් (LBO) විසින් වාර්ෂිකව පිළිවෙලින් පස්වැනි වරටත් පවත්වනු ලබන LBR LBO සන්නාම සමුළුව එළඹෙන මැයි මස 03 වැනි දින සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ඕක් රූම් ශාලාවේදී පැවැත් වේ.

තාක්ෂණය, අලෙවිකරණය කළමනාකරණය, යටිතල පහසුකම් සහ ආර්ථීක යන අංශයන් නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සන්නාම සමුළුව පැවැත්වීම පිළිබඳව LBO විශාල කීර්තිනාමයක් දිනාගෙන සිටිනවා. LBR LBO සන්නාම සමුළුව මේ වන විට වර්ෂ පහක් පවත්වා තිඛෙනවා වගේම තාක්ෂණය සහ විශ්ලේෂණයන් හරහා පරිණාමීය අලෙවිකරණ නායකත්වයන් සම්බන්ධ කිරීමට හැකියාව ලැබී තිඛෙනවා. ඩිජිටල් අවකාශය ඔස්සේ අලෙවිකරණ ක්‍රියාකාරීත්වය පවත්වා ගැනීම සහ සන්නාම මෙන්ම පාරිභෝගිකයින් අතර සහසබඳතාවයන් පවත්වා ගැනීම වැනි කරුණු පිළිබඳව මෙම සමුළුවේදී තොරතුරු සාකච්ඡා කෙරෙනවා. ආයතනික විධායකයින්ට ඔවුනොවුන්ගේ අදහස් ඛෙදාහදා ගැනීමට LBR LBO සන්නාම සමුළුව විශිෂ්ට වේදිකාවක් වනු නොඅනුමානයි. යනුවෙන් LBO නිර්මාතෘ සහ අධ්‍යක්ෂ මෙන්ම LBR LBO සන්නාම සමුළුවේ පරිපාලක ලක්ෂ්මන් බන්ඩාරනායක මහතා පවසා සිටී.

තවදුරටත් අදහස් දක්වමින් බණ්ඩාරනායක මහතා මෙසේද පැවසීය. මේ වර්ෂයේ LBR LBO සන්නාම සමුළුව අලෙවිකරණය පිළිබඳව නැවත සිතැබැලීමේ අවස්ථාවක් ඊට සහභාගීවන්නන්ට ලබා දෙනවා. අලෙවිකරණය යනු ව්‍යාපාර දැක්මක් පමණක් නොවෙයි ව්‍යාපාර ක්‍රියාකාරීත්වයක්ද වනවා. අද වන විට පාරිභෝගික තෘප්තිමත්භාවය යනු ව්‍යාපාරයක සාර්ථකත්වයෙහි හොඳම නිදසුනක්. 20 වැනි සියවසේ අලෙවිකරණ භාවිතාවන් අද මෙන්ම හෙට දිනටත් සාර්ථක ව්‍යාපාරික ප්‍රතිඵල රැගෙන ඒම සඳහා වලංගුද? යන ප්‍රශ්නකිරීම මෙම සමුළුවේදී විග්‍රහ කෙරෙනු ඇති.

වර්තමානයේදී අලෙවිකරණය මුහුණ දෙන අභියෝග පිළිබඳව පහත දැක්වෙන මාතෘකා පහක් යටතේ මෙම සමුළුවේදී සාකච්ඡා වනු ඇත.

  • ඩිජිටල් යුගයේ අලෙවිකරණය සහ ඩිජිටල් අලෙවිකරණය අතර සමානත්වයක් තිබේද? පාරිභෝගික අත්දැකීම ඉහළ නැවීම සඳහා ඩිජිටල් භාවිතාව යනු තවත් එක් ක්‍රමවේදයක්ද නැතිනම් සම්පූර්ණයෙන්ම නව්‍ය ක්‍රමෝපායක්ද?
  • අලෙවිකරණ ක්‍රමෝපායන් සහ උපකරණයන් මේ දක්වා ව්‍යාපාර ප්‍රතිඵල ලබා දීම සඳහා සමත්වී තිඛෙනවාද? සන්නාම ගොඩනැංවීම් පිළිබඳව නව්‍ය තාක්ෂණ භාවිතාවන් අප අත්දකිනවාද?
  • සන්නාමයන්හි අර්ථය සහ කාර්යභාරයෙහි වෙනසක් සිදුවෙමින් පවතීද? සන්නාම අලෙවිකරණයෙහි නවතම තත්ත්වය කුමක්ද?
    බහු පාරිභෝගික වෙළෙඳපොලෙහි මෙන්ම “අතිශය තනිපුද්ගලකරණ” අලෙවිකරණ ගොඩනැංවීම් සිදු කළ හැකිද?
  • මල්ටි ස්ක්‍රීන් භාවිතා කරන්නන්ගේ අන්තර්ගත භාවිතා ගතිකයන් මොනවාද සහ මල්ටි ස්ක්‍රීන් පාරිභෝගික ඒකාබද්ධ කිරීම් ගොඩනැගීම සිදුකරන්නේ කෙසේද?
  • සන්නාම සන්නිවේදනය අපේක්ෂිත ප්‍රතිඵල ලබා දෙනවාද? සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයේ පාරිභෝගික ඒකාබද්ධතාවයක් අන්තර්ගත අලෙවිකරණයෙන් ලැඛෙන්නේ කෙසේද?

LBO සභාපති රංජන් හුළුගල්ලේ මෙම වර්ෂයේ සමුළුවෙහි දේශකයින් පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. අලෙවිකරණ, ප්‍රචාරණ, ඩිජිටල්, සන්නාම ගොඩනැංවීම් සහ පාරිභෝගික අත්දැකීම් තාක්ෂර්‍ණක ඉහළ නැංවීම් ඔස්සේ නව්‍යකරණයට ලක්කරන ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයින් සම්බන්ධ කරගනිමින් එකිනෙකට වෙනස් අංශයන් පහක් ඔස්සේ වැඩසටහන් පැවැත්වීමට අපි කටයුතු කරනවා. එම ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන්ගේ අදහස් මෙහිදී සිදුකෙරෙන සාකච්ඡා සඳහා විශාල ආලෝකයක් සපයනු ඇති බව නොඅනුමානයි.

දේශීය සමාගම්, ජාත්‍යන්තර සන්නිවේදන සමාගම්, ජාත්‍යන්තර ප්‍රචාරණ නියෝජිතායතන, දේශීය මාධ්‍ය සමාගම්, ජාත්‍යන්තර තාක්ෂණ සමාගම්, දේශීය තාක්ෂණ නව ව්‍යාපාර වැනි ආයතන නියෝජනය කරමින් දේශකයින් මේ සඳහා සහභාගී වනු ඇති අතර ඔවුන්ගේ අදහස් සාම්ප්‍රධායික ව්‍යාපාරකරණයට නව අරුතක් එක්කරමින් පාරිභෝගික අත්දැකීම ඉහළ නංවනු ඇත.

අලීනා හජි ඕමාර් (ප්‍රධාන විධායක නිලධාරී JWT කලම්බු), අසංග රණසිංහ (ආංශික කළමනාකාර අධ්‍යක්ෂල සමූහ අලෙවිකරණ අධ්‍යක්ෂ ලාෆ්ස් හෝල්ඩිංග්ස්), චාරුලතා රවිකුමාර් (ප්‍රධාන විධායක නිලධාරීථ SapientRazorfish India), ෆර්හාන් ක්වරේෂි (නේවාසික කළමනාකරු – දකුණු ආසියානු සීමාන්තික වෙළෙදපොල – ගූගල්), හිමාලි මධුරසිංහ (ප්‍රධාන විධායක නිලධාරී – KANTA LMRB), අයිරීන් ජෝෂි (කලාපීය ගුණාත්මකභාවයන් පිළිබදව අධ්‍යක්ෂක – KANTAR TNS APAC), ජොනතන් බොන්සි (සභාපති – Bonsey Jaden), කමල් අමේසුර් (විධායක නිර්මාණ අධ්‍යක්ෂ – Hungama Digital), කණිෂ්ක වීරමුණ්ඩ (නිර්මාතෘ-අධ්‍යක්ෂ- PayMedia), කුමුදු ගුණසේකර (අධ්‍යක්ෂ – Stax Singapore), ලක්සිරි වික්‍රමගේ (නියෝජ්‍ය සභාපති – දෙරණ රූපවාහිනීය)ල නවෝනිල් චැටර්ජි (ප්‍රධාන ක්‍රමෝපායික නිලධාරී- Y&R), නිමල් ගුණවර්ධන (සභාපති – ප්‍රධාන විධායක නිලධාරී – Bates Strategic Alliance), ප්‍රේමකුමාර් ප්‍රශාන්ත් (ප්‍රධාන විධායක නිලධාරී- Direct2Door), රසික කරුණාතිලක (නියෝජ්‍ය සභාපති- සාමාන්‍යාධිකාරී සහ ඛෙදන ලද සේවා ප්‍රධානී – Cake Labs), රොහාන් ජයවීර (ප්‍රධාන මෙහෙයුම් නිලධාරී- Antyra Solutions), සබ්රි හනීස් (ප්‍රධාන මෙහෙයුම් නිලධාරී- GroupM Sri Lanka), සන්තෝෂ් මෙනන් (කළමනාකාර අධ්‍යක්ෂ – BBDO Sri Lanka), සුනිල් සේති (කළමනාකාර අධ්‍යක්ෂ – ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් – ශ්‍රී ලංකාව සහ ඉන්දියාව), තාරක රංවල (ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – සම්පත් බැංකුව)ල තයාලන් බාට්ලට් (ප්‍රධාන විධායක නිලධාරී- MullenLowe Sri Lanka), විද්‍යා සිවරාජා (සාමාන්‍යාධිකාරී – අලෙවිකරණ – ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් – ශ්‍රී ලංකාව සහ ඉන්දියාව), විකාස් මෙහ්තා (සමූහ ප්‍රධාන අලෙවිකරණ නිලධාරී සහ සභාපති – අලෙවිකරණ සේවා – MullenLowe Lintas Group) යන කථීකයින් මෙම සමුළුවේදී සිය අදහස් දක්වනු ඇත.

IAA, MRSSL, ACCA සහ CIM යන ආයතනයන්ද මෙම සමුළුව සඳහා සහභාගීත්වය ලබා දෙන අතර ඔවුන්ගේ සාමාජිකයින් වෙත සහභාගීත්වය වෙනුවෙන් CPD ලකුණු පිරිනමයි. බලයලත් ප්‍රචාරණ නියෝජිතායතන සංගමය හෙවත් 4As ආයතනයද මෙම සමුළුවට සිය සහභාගීත්වය ලබා දෙනු ඇත.

www.events.lbo.lk වෙතින් සමුළුව පිළිබඳව වැඩි දුර තොරතුරු, වැඩසටහන් විස්තර සහ ලියාපදිංචි තොරතුරු ලබා ගැනීමට හැකියාව තිබේ.

වැඩි විස්තර සඳහා අමතන්න

ලක්ෂ්මන් බණ්ඩාරනායක,
නිර්මාපක ප්‍රකාශක, අධ්‍යක්ෂ, සමුළු භාරකරු
ලංකා බිස්නස් ඔන්ලයින්
දුරකථන ¬94 (0) 76 917 7722 $ ¬94 (0) 72 776 0167
lakshaman@lbo.lk
www.lbo.lk

scroll to top