HNB කල හොඳ වේ බදුපසු ලාභය බිලියන 22.5 යි

LBO-Stock-Market-Report1.jpg

03 මාර්තු, 2017 (විමසුම) – හැටන් නැෂනල් බැංකුව තම බැංකු සේවා කාලය තුළ වාර්තා කරන ලද විශිෂ්ටතම මුල්‍ය කාර්ය සාධනය 2016 මුල්‍ය වර්ෂයේ දී වාර්තා කිරීමට සමත් විය. මේ අනුව 2016 මුල්‍ය වර්ෂය අවසානයේදී HNB සමූහයේ ( VAT, NBT) බදුපෙර ලාභය පසුගිය මුල්‍ය වර්ෂය සමග සැසඳීමේදී 41.3%ක වර්ධනයක් පෙන්නුම් කරමින් රුපියල් බිලියන 27.1%ක් ලෙස සටහන් කර ඇත.

හැටන් නැෂනල් බැංකුවේ බදුපෙර ලාභය ද පසුගිය මුල්‍ය වර්ෂය සමග සැසඳීමේදී 39.2%ක වර්ධනයක් පෙන්නුම් කරමින් රුපියල් බිලියන 22.5ක් වාර්තා කිරීමටද සමත් වී ඇත.සමූහයේ බදුපසු ලාභය පසුගිය මුල්‍ය වර්ෂයට වඩා 41.2%ක වර්ධනයක් අත්කර ගනිමින් රුපියල් බිලියන 15.7ක් බවට පත් වන විට සමූහයේ වත්කම් සංචිතය පසුගිය වසරට සාපේක්ෂව 19%කින් වර්ධනය වෙමින් රුපියල් බිලියන 900 සීමාව පසුකිරීමට සමත් විය.

මෙම මුල්‍ය කාර්ය සාධනය එතෙක් HNB විසින් අත්පත් කරගත් සුවිශේෂී ජයග්‍රහණයක් බව බැංකුවේ කළමණාකාරීත්වය ප්‍රකාශ කරයි.

scroll to top