Hemas Holdings මහ කො‍ටස්කරුවන් හිමිකමෙන් ඉවතට

මාර්තු 03, 2015 (විමසුම) – දේශීය හා ආයතනගත ආයෝජනකන්ට ඉඩකඩ දෙමින්, යෝජිත හිමිකම් නිකුතුවෙන් ඉවත් වන බව Hemas Holdings සමාගමේ ප්‍රධාන කොටස්කරුවන් කියයි.

Hemas සමාගමේ අධ්‍යක්ෂවරුන් වෙත ලිපියක් යොමු කරමින් එහි ප්‍රධාන කොටස්කරුවන් කිහිප දෙනා පවසන්නේ නව හිමිකම් නිකුතුවට දායක වීමට බාහිර ආයතනගත ආයෝජනකන්ට මේ හරහා අවස්ථාව සැලසෙන බවයි.
අදාල යෝජනාව ඉදිරිපත් කළ ප්‍රධාන කොටස්කරුවන්:

A Z Holdings (Pvt) Ltd, Saraz Investments (Pvt) Ltd, Blueberry Investments (Pvt) Ltd, Amagroup (Pvt) Ltd, Murtaza Esufally, Husein Esufally, Imtiaz Esufally සහ Abbas Esufally

සමාගමේ උපාය මාර්ගික ආයෝජන කටයුතු සඳහා රුපියල් බිලියන 4.12ක ප්‍රාග්ධනයක් උපයා ගැනීමේ අරමුණින් පසුගියදා අදාල හිමිකම් නිකුතුව ප්‍රකාශයට පත් කරන ලදී.

scroll to top