Gmail වල අලුත් පිම්ම Google Inbox

google-inbox.jpg

නොවැ 07, 2014 (විමසුම) – පසුගියදා සුප්‍රසිද්ධ Google සමාගම විසින් අනාවරණය කළ, Gmail වල දෙවන පරම්පරාව ලෙස සැලකිය හැකි Google Inbox එකක් නොමිලේම ලබා ගැනීම සඳහා ඔබ තවමත් අයදුම් කළේ නැති ද?

ඔබට දැනටමත් Google Account එකක් තිබේ නම් ඔබට Google Inbox එකක් ලබා ගැනීමට අවශ්‍ය බව සඳහන් කරමින් inbox@google.com වෙත දැන්ම ඉල්ලීමක් ඉදිරිපත් කරන්න.

මෙවැනි ඉල්ලීම් ඉදිරිපත් කරන අති විශාල පිරිසගෙන් කොටසකට මෙවැනි Google Inbox එකක් නොමිලේම ලබා ගැනී අවස්ථාව හිමිවන බව Google සමාගම ප්‍රකාශ කරයි.

දැනට මෙම Google Inbox සේවාව භාවිත කළ හැක්කේ Google සමාගම විසින් එලෙස අනුමත කළ අයට පමණකි.

කෙසේ වෙතත් නව Gmail එක හඳුන්වා දීම නිසා දැනට ක්‍රියාත්මක වන Gmail Account එක අත්හිටුවන්නේ නැති බව Google සමාගම කියයි.

මෙම නව Google Inbox ක්‍රමය හරහා එක සමාන වර්ගයේ email එක් තැනකට ගොනු වන අතර වැදගත් email ඉස්මතු කර පෙන්වීම ද සිදු කරයි.

Apple හා Dropbox යන සමාගම් වලින් නිකුත් කළ හා නවීකරණය කළ නව යෙදවුම් වලට ප්‍රතිචාර වශයෙන් මෙම Google Inbox සේවාව ආරම්භ කර ඇත.

Reminders යැවීමේ විශේෂාංගය ද මීට සම්බන්ධ කර ඇති බව Google සමාගම කියයි.

Apple iOS හෝ Google Android මෙහෙයුම් පද්ධතිය භාවිතා කෙරෙන smartphones හරහා මෙහි App එක ක්‍රියාත්මක කළ හැකි අතර Google Chrome සෙවුම් පද්ධතිය හරහා පරිඝණකවල මෙම Google Inbox සේවාව ක්‍රියාත්මක කළ හැකිය.

scroll to top