වසරේ දකුණු ආසියානු මහ බැංකු අධිපතිවරයා ලෙස ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි නම් කරයි

Indrajit-Coomaraswamy-2-1.jpg

ජනප්‍රිය ප්‍රකාශන ආයතනයක් වන GlobalCapital විසින් දකුණු ආසියානු කලාපයේ වසරේ මහ බැංකු අධිපතිවරයා ලෙස අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි නම් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සතුටින් නිවේදනය කරයි. ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සැසිවාර හා සමගාමී ව 2017 ඔක්තෝබර 14 වන දා වොෂින්ටනයේ පැවැත්වූ GlobalCapital Markets සම්මාන ප්‍රදානෝත්සවයේ මෙම සම්මානය ප්‍රදානය
කර තිබේ. GlobalCapital යනු ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළ හා සම්බන්ධ වී සිටින පුද්ගලයන් සහ ආයතන සඳහා ප්‍රවෘත්ති, උපදෙස් සහ දත්ත ලබා දෙන සේවාවකි. (බලන්න http://www.globalcapital.com/about-global-capital).

“මහ බැංකුකරණය වෙත නිවුණු, සන්සුන්, සාමූහික ප්‍රවේශයක් යන මාතෘකාව යටතේ GlobalCapital වෙබ් අඩවියේ 2017 ඔක්තෝබර 13 වන දා ලිපියක් පළ කරන එලියට් විල්සන් සිය ලිපිය ආරම්භ කරමින්  “දකුණු ආසියාව යනු උසස් හැකියාවන්ගෙන් යුත් මහ බැංකු ප්‍රධානීන් රැසකගෙන් සමන්විත
කලාපයක් නමු මෑත අතීතයේ සිය වෘත්තීයමයභාවය නො මසුරු ව ප්‍රකට කරමින් රළු දියභ තරණය කරන ශුර යාත්‍රිකයකු සේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ තම රට ඉදිරියට රැගෙන යෑමට කටයුතු කළ ආචාර්ය කුමාරස්වාමි මෙම සම්මානය සඳහා අත්‍යන්තයෙන් ම සුදුසු වන බව පවසයි”

වැඩි විස්තර සඳහා පිවිසෙන්න
http://www.globalcapital.com/article/b1543cx35rxp17/central-bank-governor-of-the-year-south-asia

scroll to top