edotco සමාගම මෙරට ප්‍රථම ස්වාධීන දුරකථන කුලූනු ජාලය ස්ථාපිත කිරීම ආරම්භ කරයි

edotoco.jpg

ලොව දුරකථන සන්නිවේදන යටිතල ව්‍යුහ සේවා සැපයීමේ ප්‍රමුඛතම සමාගමක් වන edotoco සමාගම(edotco Group Sdn Bhd) ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වාධීන දුරකථන කුලූනු ජාලය ස්ථාපිත කිරීම ආරම්භ කරන ලද බව පසුගියදා නිවේදනය කළේ ය.

මෙම ව්‍යාපෘතියෙහි ප්‍රථම කුලූන ස්ථාපිත කිරීම සඳහා මංගල පස් පිඩැල්ල කැපීමේ අවස්ථාවට එක්වෙමින් edotoco සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී සුරේෂ් සිධු මහතා මෙසේ පැවසී ය. “දුරකථන සන්නිවේදන කුලූනු යනු සන්නිවේදන සේවා ක්ෂේත්‍රයේ ඉතාමත්ම වැදගත් අංගයන්ගෙන් එකක් ලෙස හැඳින්වීමට පුළුවන්. ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින ආර්ථීකයක් ඇති රටකට ස්ථාවර ජාල සේවාවන් පැවතීම ඉතාමත් වැදගත්. මෙවැනි සේවාවන් සැපයීමට අප වැනි ස්වාධීන දුරකථන කුලූනු සමාගම්වලට හැකියාව තිඛෙනවා. මෙය හුදෙක් රටේ ආර්ථීකයේ හෝ දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ වර්ධනයට පමණක් පමණක් නොව රටේ තරගකාරීත්වය, සමාජ සමෝධානය මෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීමටත් දායක වන පියවරක්.

“මෙම ව්‍යාපෘතිය යටතේ ඉදිවන ප්‍රථම බලශක්තිය පිරිමසින දුරකථන කුලූනු පෙළ කොළඹ Marine Drive මාවතේ ඉදිකෙරේවි. සාමාන්‍ය දුරකථන කුලූනු මෙන් නොව edotoco කුලූනු විවිධ අරමුණු සඳහා භාවිතා කළ හැකි බහුකාර්ය කුලූනු ලෙස හැඳින්වීමට පුළුවන්. මේවා දැන්වීම් පළකළ හැකි ස්ථානයක්, පාරිසරික තොරතුරු මූලාශ්‍රයක්, මාර්ග ආලෝකකරණ ක්‍රමවේදයක් සහ රථවාහන ගාල් කිරීම නිරීක්ෂණය කරන ක්‍රමවේදයක් පමණක් නොව ගංවතුර නිරීක්ෂණ ක්‍රමවේදයක් ලෙසත් ක්‍රියා කරනවා. මේවායේ තවත් විශේෂත්වයක් වන්නේ හුදෙක් තාක්ෂර්‍ණක අරමුණක සීමාවෙන් ඔබ්බට ගොස්, නාගරික පරිසරයට ගැළපෙන අලංකාරයකින් යුතුව මේවා ඉදිකරනු ලැබීමයි.” සුරේෂ් සිධු මහතා වැඩිදුරටත් පැවසී ය.

මාර්ග සංවර්ධන අධිකාරියේ මගපෙන්වීම යටතේ Marine Drive හි ප්‍රථම edotoco බහුකාර්ය කුලූනු පෙළ ස්ථාපිත කෙරේ. මෙම කුලූනු වල මාර්ග ආලෝකකරණ පද්ධති, ආරක්ෂක කැමරා පද්ධති, රථවාහන ගාල්කිරීමේ ස්ථාන කළමනාකරණය කිරීමේ පද්ධති සහ රථවාහන තදබදය හා කාලගුණ තත්ත්වයන් නිරීක්ෂණය කිරීමේ පද්ධතිද ඇතුළත් වනු ඇත.

edotoco සමාගම පිළිබඳව

2012 දී ආරම්භ කරන ලද edotoco සමූහ ව්‍යාපාරය ආසියාවේ ප්‍රථම කලාපීය හා සමෝධානික දුරකථන සන්නිවේදන යටිතල ව්‍යුහ සේවා සමාගම වේ. එම සමාගම කුලූනු කල්බදු සේවා, සම-ස්ථාන සේවා, කුලූනු ඉදිකිරීම්, බලශක්ති සේවා, සම්ප්‍රේෂණ සහ මෙහෙයුම් හා නඩත්තු සේවා වැනි සේවාවන් රාශියක් පිරිනමයි.

මේ වනවිට edotoco සමූහ ව්‍යාපාරය මැලේසියාව, මියන්මාරය, බංග්ලාදේශය, කාම්බෝජය සහ ශ්‍රී ලංකාව වැනි රටවල දුරකථන කුලූනු 26,000 ක පමණ මෙහෙයුම් කටයුතු සිදුකරයි. මේ අතරින් කුලූනු 18,461 ක මෙහෙයුම් කටයුතු සෘජුවම edotoco සමාගම විසින් සිදුකරනු ලබන අතර තවත් කුලූනු 8,100 ක් සඳහා සේවාවන් පිරිනැමීම සිදුවේ. සමාගමේ අතිනවීන සජීවී නිරීක්ෂණ සේවාව වන ‘echo’ මේ වනවිට වැඩිදියුණු කිරීම් රාශියකට බඳුන් වී ඇති අතර දුරකථන සන්නිවේදන යටිතල ව්‍යුහවලට අදාළ බැටරි, බලශක්ති හා ඉන්ධන පරිභෝජන යනාදී අංශවල කාර්යක්ෂමතාවේ පැහැදිලි වර්ධනයක් පෙන්නුම් කර ඇත.

scroll to top