edotco සමාගමට Frost & Sullivan වෙතින් ආසියා ශාන්තිකර සම්මානයක්

EDOTCO.jpg

දුරකථන සන්නිවේදන යටිතල පහසුකම් සේවා සමාගමක් වන edotco සමූහය, Frost & Sullivan විසින් පිරිනමනු ලබන zවසරේ විශිෂ්ටතම ආසියා ශාන්තිකර කලාපීය දුරකථන සන්නිවේදන කුලූනු සමාගම සම්මානය හිමිකරගැනීමට සමත් වී තිබේ. ආසියා ශාන්තිකර මට්ටමින් සමාගමක් මෙම සම්මානයෙන් පිදුම් ලැබූ ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. මීට පෙර 2016 වසරේදී “අග්නිදිග ආසියාවේ විශිෂ්ටතම දුරකථන සන්නිවේදන කුලූනු සමාගම” සම්මානය දිනාගැනීමටද edotco සමත් විය.

සිංගප්පූරුවේ ෂැංග්‍රි-ලා හෝටලයේදී පසුගියදා පැවති වාර්ෂික ‘Frost & Sullivan Asia Pacific Best Practices’ සම්මාන උළෙලේදී edotco වෙත මෙම සම්මානය පිරිනැමිර්‍ණ. තම ව්‍යාපාරික ක්ෂේත්‍රයන් තුළ විවිධ සමාගම් පළකළ විශිෂ්ටත්වය මෙන්ම අදාළ ක්ෂේත්‍රයන් දියුණු කිරීම සඳහා එම සමාගම් වෙතින් ලැබුණු දායකත්වය වෙනුවෙන් මෙම සම්මාන පිරිනැමේ.

නව වෙළඳපොළවල්ද ඇතුළුව සමස්තයක් ලෙස වර්තමාන වෙළඳපොළ තුළ පවතින ප්‍රවණතා සැලකිල්ලට ගෙන, ඉතාමත් විධිමත් ක්‍රමවේදයක් අනුව විවිධ කාණ්ඩ යටතේ සමාගම් වල ක්‍රියාකාරීත්වයන් විශ්ලේෂණය කරමින්, මෙම සම්මාන සඳහා නිර්දේශ වන සමාගම් තෝරාගැනීමට Frost & Sullivan හි විශ්ලේෂකයෝ කටයුතු කරති. මුල් අදියරෙන් අනතුරුව කෙටි ලැයිස්තුගත වන සමාගම් වල ආදායම් වර්ධනය, වෙළඳපොළ කොටස සහ එහි වර්ධනය, නව්‍යකරණයේ ප්‍රමුඛත්වය, වෙළඳපොළ ක්‍රමෝපාය සහ ව්‍යාපාර සංවර්ධන ක්‍රමෝපාය වැනි කරුණු සැලකිල්ලට ගනිමින් අවසන් ජයග්‍රාහකයන් තෝරාගනු ලැබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් edotco සමූහ ව්‍යාපාරයේ ප්‍රධන විධායක නිලධාරී සුරේෂ් සිධු මහතා පැවසුවේ Frost & Sullivan වෙතින් මෙම සම්මානය හිමිවීම මෙන්ම ආසියානු ශාන්තිකර මට්ටමින් මෙම සම්මානයෙන් පිදුම් ලැබූ ප්‍රථම සමාගම බවට පත්වීම ගැන තමන් ඛෙහෙවින් සතුටු වන බවයි. 2016 වසර තුළ edotco මෙම කලාපය තුළ තවතවත් ව්‍යාප්ත වූ බවත්, නව නිර්මාණශීලී හා තිරසාර ඉංජිනේරු සංකල්ප හඳුන්වා දුන් බවත්, නව ආයෝජකයන් සමාගමට එක්කර ගැනීමට කටයුතු කළ බවත් ඒ මහතා සිහිපත් කළේ ය.

“ජාත්‍යන්තර මට්ටමේ දුරකථන සන්නිවේදන යටිතල ව්‍යුහ විසඳුම් හා සේවාවන් සැපයීම සඳහා අප දරන උත්සාහයේ සාර්ථකත්වයට මෙම සම්මාන මනා සාක්ෂියක්. මෙහි ගෞරවය edotco කණ්ඩායමේ සියලූම සාමාජිකයන්ට වගේම අප කෙරෙහි විශ්වාසය තබා සිටින ආයෝජකයන්ටත් හිමිවිය යුතුයි කියා මා සිතනවා. ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.

“සන්නිවේදන කුලූනු යනු දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයට ඉතාමත් වැදගත් වන යටිතල ව්‍යුහ අංගයක්. මේ වනවිට එම ක්ෂේත්‍රයේ තිරසාරත්වය හා නව්‍යකරණය අතින් පැහැදිලි ප්‍රගතියක් පෙන්නුම් කිරීමට edotco සමත් වී තිඛෙනවා. ආසියාවේ ප්‍රථම කාබන් ෆයිබර් කුලූන ස්ථාපිත කිරීම මෙන්ම ලොව උණ බට භාවිතයෙන් තැනූ ප්‍රථම කුලූන ඉදිකිරීමත් මීට පැහැදිලි සාක්ෂි ලෙස පෙන්වා දීමට පුළුවන්. මෙම සාර්ථකත්වය වෙනුවෙන් edotco වෙත මෙම සම්මානය පිරිනැමීමට හැකිවීම අපට විශාල සතුටක්. එම සමාගම ඉදිරියේදී තවතවත් පුළුල් වෙමින් ක්ෂේත්‍රයේ දියුණුවට මීටත් වඩා විශාල දායකත්වයක් දක්වනු ඇතැයි කියා මා සිතනවා. Frost & Sullivan හි උපසභාපති (ඩිජිටල් පරිවර්තන – ආසියා ශාන්තිකර කලාපය) අෙජ් සුන්දර් මහතා පැවසී ය.

scroll to top