BPPL වෙතින් මිලියන 368 ක මූලික කොටස් නිකුතුවක්

LBO-Stock-Market-Report.jpg

අග්නිදිග ආසියාවේ විශාල කෙඳි නිමැවුම් නිෂ්පාදකයකු වන BPPL Holdings Limited(BPPL) ආයතනයේ 10%ක හිමිකම් සඳහාරු. 12.00 බැගින් වූ කොටස් 30,685,000 ක මූලික කොටස් නිකුතුවක් මගින් රු. 368,220,000 ක් රැස්කිරීමට කටයුතු සූදානම් කර ඇත.මෙම නිකුතු මිල අනුව වෙළඳපොළ ප්‍රාග්ධනකරණය රු. බිලියන 3.7 කි.

මෙම අර්පණයේදී Hirdaramani Investment Holdings (Pvt) Limited සතුව පවතින23.4% ක BPPL හි අයිතිය13.4 %දක්වා පහත හෙලනු ලැබේ. Infinity Capital (Pvt) Limited සහ LOLC Investments Limited තම 50.3% සහ 26.3% හිමිකම එලෙසම පවත්වා ගනු ඇත.

වර්තමාන කොටස් හිමියන්ද මූලික නිකුතුවේ සිට අවමය මාස 12 දක්වා හිමිකම් බැහැර නොකරනු ඇත.
මෙම නිකුතුව 2017 මාර්තු 7 දින ආරම්භ කෙරෙන අතර 2017 මාර්තු 24වන දින අවසන් වනු ඇත. අධිදායකත්වයක් ඇතිවුවහොත් පමණක් ඊට පෙර අවසන් විය හැකිය.

scroll to top