AETI ආයතනයේ හයිබ්‍රිඩ් ඉගෙනුම් මධ්‍යස්ථානයට ටොයොටා ලංකා සමාගමේ දායකත්වය

Toyota.jpg

ටොයොටා සහ හිනෝ රථවාහන සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් අලෙවි ඛෙදාහැරීම් නියෝජිතයන් වන ටොයොටා ලංකා (පුද්ගලික) සමාගම රථවාහන ඉංජිනේරු පුහුණු ආයතනයේ (Automobile Engineering Training Institute – AETI) හයිබි්‍රඩ් ඉගෙනුම් මධ්‍යස්ථානය සඳහා සිය අනුග්‍රාහක දායකත්වය ලබාදීමට පසුගියදා කටයුතු කළේ ය. ටොයොටා ලංකා සමාගම යනු කවදත් රථවාහන ඉංජිනේරු ක්ෂේත්‍රය ප්‍රමුඛව සමස්තයක් ලෙස මෙරට රථවාහන සම්බන්ධ දැනුම පුළුල් කිරීම සඳහා දරන උත්සාහයන්ට තම දායකත්වය ලබාදෙන සමාගමකි.

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිඳුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හයිබ්‍රිඩ් ඉගෙනුම් මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනුමා, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යා ගරු චන්දිම වීරක්කොඩි මැතිතුමා, ටොයොටා ලංකා සමාගමේ අධ්‍යක්ෂ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මනෝහර අතුකෝරල සහ AETI ආයතනයේ සභාපති ශෙහාන් සෙනෙවිරත්න යන මහත්වරු සහ විශේෂ අමුත්තන් රැසක් සහභාගී වූහ.

මේ පිළිබඳව අදහස් දක්වමින් ටොයොටා ලංකා සමාගමේ අධ්‍යක්ෂ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මනෝහර අතුකෝරළ මහතා පෙන්වා දුන්නේ ටොයොටා සමාගම ලොව පුරා රටවල ප්‍රජාවන්ගේ අවශ්‍යතා සපුරාලමින් එම ප්‍රජාවන්ගේ යහපත උදාකිරීම සඳහා නිරන්තරයෙන් විවිධ පියවර ගන්නා බවයි.

සමාජයේ ආදරය හා විශ්වාසය දිනූ සමාගමක් බවට පත්වීම ටොයොටා සමාගමේ ප්‍රධානතම ඉලක්කයක් වී තිඛෙනවා. ශ්‍රී ලංකාවට අලූත්ම රථවාහන ගෙන්වා අලෙවි කරන සමාගමක් ලෙස, ටොයොටා ලංකා සමාගම AETI ආයතනය සමග මෙසේ අත්වැල් බැඳගෙන සිටින්නේ මෙරට රථවාහන ඉංජිනේරු ක්ෂේත්‍රයේ දැනුම හා පුහුණු අවස්ථා පුළුල් කිරීමේ මූලික පියවරක් වශයෙනුයි. මේ ඔස්සේ මෙරට රථවාහන තාක්ෂණය ඉගෙනගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අතිනවීන පහසුකම් යටතේ දියුණුතම හයිබ්‍රිඩ් තාක්ෂණයන් ගැන ඉගෙනගැනීමේ අවස්ථාව හිමිවනවා. එය අනාගතයට ඛෙහෙවින් සුභදායී පියවරක්.˜ ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.

මෙම නව හයිබ්‍රිඩ් ඉගෙනුම් මධ්‍යස්ථානය තුළ සිසුන්ගේ ඉගෙනුම සඳහා හයිබි්‍රඩ් බල පද්ධති, හයිබ්‍රිඩ් වාහන වල ඉන්වර්ටර්, විද්‍යුත් පාලක තිරිංග පද්ධති, හයිබි්‍රඩ් රථවල ඉන්වර්ටර් ජල පොම්ප, CVT ගියර පද්ධති වැනි අංගෝපාංග රාශියක් පවතින අතර ටොයෝටා සමාගමේ පරිසර හිතකාමී තාක්ෂණ සංකල්පයක් වන Toyota Smart Mobility Society සහ Toyota Prius රථයේ විකාශනය දැක්වෙන රූපරාමුද එහි බිත්තිවල සවිකර තිබේ. මෙම අංගෝපාංග හා ඡායාරූප ආදිය සිසුන්ට අදාළ තාක්ෂණයන් සම්බන්ධ දැනුම ලබාගැනීම තවත් පහසු කරයි.

මේ වනවිට මෙරට රථවාහන ඉංජිනේරු තාක්ෂණය ඉගෙනගන්නා සිසු සිසුවියන් වෙනුවෙන් පූර්ණ කාලීන හා අර්ධකාලීන වශයෙන් රථවාහන කාර්මික ශිල්පී, විදුලි කාර්මික ශිල්පී සහ වෙනත් පාඨමාලා ආරම්භ කිරීමට AETI ආයතනය කටයුතු කර තිබේ. මෙම පාඨමාලා හදාරන සියලූම දෙනාට නව හයිබි්‍රඩ් ඉගෙනුම් මධ්‍යස්ථානයෙන් ප්‍රයෝජන රැසක් අත්වනු නිසැකය

scroll to top