Abans ණයකරයට BBB+(LKA)(EXP) ණය ශ්‍රේණියක් : FITCH

නොවැ 24, 2014 (විමසුම) – ෆිච් රේටින්ග්ස් අබාන්ස් සමාගමේ රුපියල් බිලියන 02 ක යෝජිත සුරැකුම් රහිත නිදහස් කළ හැකි ණයකර සඳහා BBB+(lka)(EXP) අපේක්ෂිත ජාතික දිගු කාලීන ණය ශ්‍රේණිය පිරිනමන ලදි.

මේ වන විට ලැබී ඇති තොරතුරු සනාථ කරමින් ලැබෙන අවසන් ලියකියවිලි මත යෝජිත ණයකර හී ණය ශ්‍රේණිය පිළිබඳ අවසන් තීරණය ගනු ලැබේ.

මෙම යෝජිත ණයකර, සමාගමේ අනෙකුත් සුරැකුම් රහිත ජේෂ්ඨ ණයකර හා සමමට්ටමේ ස්ථානගත වන බැවින් එම ණයකර ශ‍්‍රී ලංකාවේ රීටේල් සමාගම් හී ජාතික දිගු කාලීන ණය ශ්‍රේණිය වන BBB+(lka) හා සමානව ශ්‍රේණිගත කරන ලදි.

කොටස් තුනකින් නිකුත් කිරීමට අපේක්ෂිත මෙම යෝජිත ණයකර තුන, හතර සහ පහ වශයෙන් වූ කල්පිරීමේ කාලයන්ගෙන් සහ ස්ථාවර කූපන අනුපාතයන්ගෙන් සමන්විත වේ.

මෙම ණයකර නිකුතුවෙන් ලැබෙන මුදල් සමාගමේ කෙටි කාලීන ණයවලින් කොටසක් ප‍්‍රතිමූල්‍යකරණය කිරීම සඳහා යොදා ගන්නා අතර මෙය ප‍්‍රතිමූල්‍යකරණය සහ පොලී අනුපාත අවදානම කෙරේ අබාන්ස් සමාගම නිරාවරණය වී ඇති ප‍්‍රමාණය අවම කිරීමට සහාය වේ.

scroll to top