8 වෙනි වරටත් පැවැත්වෙන චොකොලාටේ පොන්ඩ්ස් MDFD 2017

chokolaate.jpg

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම යොවුන් සඟරාවක් වන චොකොලාටේ සඟරාව පොන්ඩ්ස් හා එක්ව සංවිධානය කරන චොකොලාටේ පොන්ඩ්ස් MDFD 2017 තරඟය 8 වෙනි වරටත් 2017 මැයි මස 27 දින පැවැත්වීමට නියමිතය. එදින රාත්‍රියේ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී පක්ෂපාතී විනිසුරු මඩුල්ලක් මධ්‍යයේ මව සහ දුව සඳහා හොඳම නිර්මාණ ඉදිරිපත් කරන තරඟකරුතෝරා පත් කර ගනී.

මූලික වටයේ තරඟ වලින් පසු අවසාන වටය සඳහා තරඟකරුවන් 15 දෙනෙක් තෝරා ගන්නා ලදී.

විසි එක් හැවිරිදි රන්චන අබේරත්න දැනට ශ්‍රී ලංකා පේෂ කර්ම හා ඇඟලුම් ආයතනයෙහි සිය උසස් අධ්‍යාපන කටයුතු කරමින් සිටියි. ඔහු ඔහුගේ ප්‍රධාන වර්ණ ලෙස කළු සහ රන් පැහැය භාවිතා කර ඇති අතර පැරණි ඊජිප්තු වටාපිටාව තේමා කරගෙන ඇත.

කොළඹ මහානාම විද්‍යාලයීය ආදී ශිෂ්‍යයෙකු වූ 23 හැවිරිදි යොහාන් තිලකරත්න රන් සහ තද නිල් පැහැය භාවිතා කරමින් ඔහුගේ නිර්මාණ ඉදිරිපත් කර ඇත.

ශ්‍රී ලංකා පේෂ කර්ම හා ඇඟලුම් ආයතනයෙහි මෝස්‌තර නිරූපණ උපාධියක් හදාරමින් සිටින 22 හැවිරිදි චමත් ප්‍රියංකර මුහුද ආශ්‍රිත දීප්තිමත් වර්ණ වලින් ඔහුගේ නිර්මාණ ඉදිරිපත් කර ඇත.

20 හැවිරිදි දිල්කි පෙරේරා ද ශ්‍රී ලංකා පේෂ කාර්ම හා ඇඟලුම් ආයතනයෙහි අධ්‍යාපනය ලබන දිල්කි පෙරේරා චෙරි මල ස්ත්‍රී ලක්ෂණ හා සමාන කරගනිමින් ඇයගේ නිර්මාණ ඉදිරිපත් කර ඇත.

රැෆල්ස් ඉන්ස්ටිටියුට් හි සිය අධ්‍යාපන කටයුතු කරමින් සිටින 23 හැවිරිදි අචිනි විජේසිංහ ඇගේ නිර්මාණ සඳහා ප්‍රවේශය රැගෙන තිබූයේ නිදහස ප්‍රමුඛ කොට ගනිමින් බොහිමියානු ජීවන ශෛලිය තේමාව ලෙස භාවිතා කරමින් ය.

21 හැවිරිදි චවිත්‍ර සුරේන්ද්‍රන් ද ශ්‍රී ලංකා පේෂ කර්ම හා ඇඟලුම් ආයතනයෙහි තම අධ්‍යාපන කටයුතු කරගෙන යන අතර ඔහුගේ තේමාව වී තිබුනේ මල් වල ලස්සන සහ අලුතින් පුබුදින මල් අලුත් ආරම්භයක් යනුවෙන් පෙන්වීම ය.

විශාකා විද්‍යාලයේ ඉගෙනුම ලබන 17 හැවිරිදි ඉසුරි කුරේ ලාබාල තරඟකාරියකි. ඇගේ නිර්මාණ සඳහා සොබාදහම තේමා කරගෙන ඇති අතර ඒ සඳහා මුහුද හා ඉර උදාව සංඛේතවත් කරගෙන ඇත.

Swinburne තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන මහෝෂදී ද සිල්වා ශ්‍රී ලාංකික සම්ප්‍රදායී නැටුම් අංග වල මුහුණු ආවරණ සහ ඇඳුම් ආයිත්තම් ඇගේ නිර්මාණ එකතුව සඳහා තේමා කරගෙන ඇත.

අමා ද සිල්වා දැනට යුක්රේන ගුවන් සෙවයෙහි තම රැකියාව කරගෙන යන අතර නිරූපණ ක්ෂේත්‍රය විනෝදාංශයක් කර ගත් ඇය වින්ටෙජ් තේමාව යටතේ අඳුරු වර්ණ තම නිර්මාණ සඳහා භාවිතා කරගෙන ඇත.

ගේට්වේ පාසලෙහි ඉගෙනුම ලබන ලාබාලතම තරඟකාරිය වන යෂ්මි තරුෂිකා පෙරේරා ඩිස්නි ප්‍රින්සස් තේමාව යටතේ තම නිර්මාණ ඉදිරිපත් කර ඇත.

මොරටුව විශ්වවිද්‍යාලයේ ඒකාබද්ධ නිර්මාණ අංශයෙන් උසස් අධ්‍යාපනය ලබන 25 හැවිරිදි ගීතිකා ප්‍රනාන්දු තැඹිලි සහ කහ වර්ණයන් ගෙන එම්බ්‍රොයිඩර් ශිල්පය යොදා ගනිමින් ඇගේ නිර්මාණ ඉදිරිපත් කර ඇත. එම නිර්මාණ ඇය නම් කර තිබුනේ “පෘථිවියෙන් ඔබ්බට” යනුවෙනි.

26 හැවිරිදි රුවන්ති නිසංසලා දීගලහ ද මොරටුව විශ්වවිද්‍යාලයෙනි. නාවික හමුදාපතියෙක් හා ඔහුගේ ආදරවන්තියගේ ආදර කතාව කීමට උත්සහ කිරීමක් ඇය තම නිර්මාණ තුලින් උත්සහ කර තිබුණි.

ඉම්පීරියල් කොලේජ් ඔෆ් බිස්නස් හි තම උසස් අධ්‍යාපනය හදාරණ 23 හැවිරිදි ඉෂාරා සිල්වා සහ මොරටුව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන 21 හැවිරිදි උවිනි වැලිහින්ද ඔවුන්ගේ නිර්මාණ සඳහා තේමා කරගෙන තිබුනේ සාගර පැහැයන් ය.

අවසාන වශයෙන් මොරටුව විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන 23 හැවිරිදි අශ්ෆා ෆරිසා ඇගේ තේමාව ලෙස මොරොකන් පහන් කූඩු තේමාව යොදා ගනිමින් නිර්මාණ එකතුව ඉදිරිපත් කර ඇත. ඇය එය “මොරොකන් ස්පාර්ක්” යනුවෙන් නම් කර ඇත.

වැඩි විස්තර සහ ආරාධනා සඳහා මිෂෙල් අමතන්න 0777 224 645 නැතහෙත් චොකොලාටේ ෆේස්බුක් පිටුව හරහාද සම්බන්ධ විය හැක.

scroll to top