3 වන ලෝක යුද්ධය චීනය හා ඇමරිකාව අතර ද?

උතුරු කොරියාව අරබයා දකුණු චීන මුහුදේ 3 වන ලෝක සංග‍්‍රාමයක් ඇති වේ යැයි බොහො දෙනෙක් විපිලිසර වී සිටී. හේතුව නම් ඇමරිකානු නව ජනාධිපති ට‍්‍රම්ප් මහතා, චීනය උතුරු කොරියාවේ ගැටළුව විසඳන්නේ නැතිනම් තමන් එය විසඳීමට කටයුතු කරන බව ප‍්‍රකාශ කිරීමත්, කාල් වින්සන් යුධ නාවුක බලඇණිය දකුණු කොරියානු මුහුදට කමන් කිරීමත්, දකුණු කොරියාවට ඕනෑම මිසයිලයක් වැලැක්වීමට හැකි ෆාර්ඞ් ප‍්‍රති මිසයිල පද්ධිතිය හඳුන්වා දීමත් සමගයි.

මෙම ගැටළුව ඇමරිකානු සෙනෙට් මන්තී‍්‍ර මණ්ඩලයේ ද විවාදයට ලක් වී තිබෙන අතර ඔවුන් යෝජනා කර ඇත්තේ ද උතුරු කොරියාවට දැඩි සම්බාධක පැනවිය යුතුය යන්නයි.

මෙම් අතර චීනය ඔවුන් විසින්ම නිෂ්පාදනය කරන ලද ගගන ප‍්‍රහාරක සහ මිසයිල ප‍්‍රහාරක බලඇණි සහිත මහා යුධ නෞකාවක් දියත් කර තිබේ. එවැනි නෞකා ගණනාවක් දියත් කිරීමට බලාපොරොත්තු වන බවත් ප‍්‍රකාශ කර තිබෙනවා. මෙය එක්තරා ආකාරයට ඇමරිකානු ගගන හා මිසයිල ප‍්‍රහාරක නෞකාවලට කළ අභියෝගයක් වනවා.

උතුරු කොරියාවේ නායක කිම් ජොන් උන් මුග්දයෙකු, මෝඩයෙකු, උන්මත්තකයෙකු ලෙස බටහිර ජනමාධ්‍ය හඳුන්වා දී තිබෙනවා. ඔහුගේ පියා හා ඔහුගේ මුත්තනුවන් වන කිම් උල්සුන් ගැන සලකා බලන විට ඔවුන් කොරියාවේ ආරක්‍ෂාව සහ අනන්‍යතාව සම්බන්ධයෙන් පැහැදිලි උපාය මාර්ගයක ගමන් කර ඇති බව පෙනී යනවා. කොරියාවේ ඉතිහාසයේ ඔවුන් ඔවුන්ගේ අනන්‍යතාවය රැුක ගැනීම වෙනුවෙන් සටන් වැදුණු පිරිසකි.

1910 දී ජපන් ආක‍්‍රමණයක් මේ කොරියානු අර්ධද්වීපයට සිදු උනා. ජපන් ආක‍්‍රමණය සිදු උනේ දෙවන ලෝක මහා සංග‍්‍රාමය අවස්ථාවේදී. එයට මූලිකත්වය ලබාදුන්නේ සෝවියට් දේශයේ සහ රතු චීනයේ සහය ලබාගත් කිම් උල් සුන්. ඔහු එය ජයග‍්‍රහණය කිරීමට ආසන්නයේදී ඉන්ජෙන් ප‍්‍රදේශයෙන් දකුණු කොරියාවට ඇතුළු වූ ඇමරිකන් සෙන්පති මැක් කාතර් ප‍්‍රමුඛ හමුදාව කිම් උල් සුන්ව පරාජයට පත්කරමින් උතුරු කොරියානු සීමාව දක්වාම පසුබැස්වීමට සමත් වුනා. එහිදී චිනයේ නායක මා ඕ සේතුං රතු හමුදාවට අණදුන්නා මැක් ආතර්ට පහරදීමට. ඒ අනුව රුසියවේ ද මැදිහත් වීමෙන් උතුරු කොරියාව සහ දකුණු කොරියාව ලෙස රටවල් දෙකක් බවට 1953 දී මෙම ප‍්‍රදේශය පත් වුනේ. මැක් ආතර් චීනයට පහරදීමට ඇමරිකා ජනාධිපතිගෙන් අවසර ඉල්ලා සිටි අතර ඒ අවසරය ඔහුට නොලැබීමෙන් කෝපයට පත් වී ඇමරිකා ජනාධිපතිවරයා පවා විවේචනය කිරීමට කටයුතු කලා. එම අවසරය ලැබුණා නම් චීනය, සෝවියට් සංගමය සහ ඇමරිකා එක්සත් ජනපදය එක්ව කරන මහ සටනකට දකුණු චීන මුහුදත් කොරියානු අර්ධද්වීපයත් ලක්වීම වැලැක්විය නොහැකියි. නමුත් එම යුද්ධය වියට්නාමයේදී ඇවිලී ගියා. කෙසේ වෙතත් එම සටන්වලින් අතිවිශාල ජනකායක් මිය ගියා. ආසියා පැසිපික් කලාපයට විශාල හානි සිදුවුනා.

දකුණු කොරියාව පාක්හි යටතේ සුවිශේෂී සංවර්ධනාත්මක දියුණුවක් ල`ගා කර ගත්තත් උතුරු කොරියාවේ කොමියුනිස්ට් රාජ්‍යයට ඒ සංවර්ධනය 1980 ගණන්වලින් පසුව ල`ගා කර ගන්න බැරි උනා. ඔවුනට තිබූ එකම බලය වූයේ අවි ආයුධ ක්‍ෂෙත‍්‍රයේ න්‍යෂ්ටික තාක්ෂණයත්, මිසයිල තාක්ෂණයත් වෙනත් අවි ආයුධ පැත්තෙන් ඔවුන් ල`ගාකර ගත් විශාල බලයයි. උතුරු කොරියාව චීනයට ආර්ථික වශයෙන් ණය ගැති භාවයකයි පවතින්නේ. ආනයන අපනයන වලින් 90% ක් පමණ චීනය සමගයි සිදු කෙරෙන්නේ. කොරියාවේ ලාභ ගල් අ`ගුරු චීනයටත්, චීනයේ තෙල් කොරියාවටත් අපනයන භාණ්ඩ ආනයන භාණ්ඩ මේ දේශ සීමා හරහා සිදු කෙරෙනවා. එි අනුව උතුරු කොරියාව චීනයේ ආර්ථික කොළණියක් ලෙස පැවතෙනවා.

දකුණු අපි‍්‍රකාව සුදු ජාතිකයින් පාලනය කළ කාලයේ න්‍යෂ්ටික බලවතෙක්. නමුත් දකුණු අපි‍්‍රකාව ඔවුන් නෙල්සන් මැණ්ඩෙලාට බාර දුන්නේ දකුණු අපි‍්‍රකාවේ සියළුම න්‍යෂ්ටික ආයුධ නිෂ්ක‍්‍රිය කලායින් පසුවයි. යළිත් දකුණු අපි‍්‍රකානු ජනාධිපතිවරයා න්‍යෂ්ටික වැඩපිළිවෙල පණගැන්වීම සඳහා උත්සායක නියැලී සිටිනවා. එම හේතුවෙන් ඔහුට එරෙහි බලවේගත් වැඩිවෙලා තිබෙනවා. එසේම ලිබියාවේ මුවාවෝ අල් ගඩාපි මැලේෂියාව, පාකිස්ථානය සහ තවත් රටවල් ගණනාවක් හරහා න්‍යෂ්ටික වැඩපිළිවෙලක් දියත් කළා. එම වැඩපිළිවෙල ඔහුට එරෙහිව සිදුකරන විශාල දේශපාලනික ව්‍යාපාරයක් බවට පත් උනා. අවසානයේ ලිබියාවට සාමය උදා කර ගැනීමේ පරමාර්ථයෙන් ඔහු එම වැඩපිළිවෙල අත්හැර දැමුවා. නමුත් බටහිර ලෝකය ඔහුට සමාව දුන්නේ නැහැ. මහමග තිරිසනෙකු ලෙස ඔහුව ඝාතනය කරනු ලැබුවා. අද ලිබියාව අරාජික පාලනයක් බවට පත් වී තිබෙනවා.

මේ තත්වය උතුරු කොරියානු ජනාධිපතිවරයා මෙන්ම චීනයද හොඳින් දන්නා කරුණක්. ඇමරිකාව විසින් අවුල් කරන ලද ඇෆ්ගනිස්ථානය, අරාබිකරයේ මෙන්ම උතුරු අපි‍්‍රකානු රටවල්වලට අත් වූ ඉරණම ආසියා පැසිපික් කලාපයට අත්වීමට චීනය ඉඩ නොදෙනු ඇත.

ඔබාමා පාලන සමයේදී චීනයේ නැගී සිටීම ඉතාම පැහැදිලිව සිදු උනා. පසුගිය වසර පන්සියයක පමණ කාලය දෙස බලන විට ලෝකයේ පළමු යුධ, ආර්ථික බලය වීමට රාජ්‍යන් 16 ක් උත්සාහ දරා තිබෙනවා. එම රාජ්‍යයන් දැරූ උත්සාහයන් හිදී බලවත් රාජ්‍ය පරදවා නව රාජ්‍යක් බලයට පත්වීම සිදුවුණා. මෙම 16 වතාවෙන් 12 වතාවක්ම සිදු වුනේ මහා යුද්ධවලින්. ඒ අනුව චීනය සහ එක්සත් ජනපදය ලෝකයේ බලවතා වීමට බලගතු අරගලයක නියැලෙනවා. දැනට ලෝකයේ යුධ ආර්ථික බලවතා හැටියට පිළිගැනෙන්නේ එක්සත් ජනපදයයි. නමුත් චීනය එයට ඉතා අසන්නයෙන් සටනක් දෙමින් සිටිනවා. 2020 – 22 වන විට චීනය ලෝකයේ ආර්ථික බලවතා වනු ඇතැයි සියළු දෙනා බලාපොරොත්්තු වෙනවා. ලෝකයේ අපනයන ක්‍ෂෙත‍්‍රය ගත්තත්, පීපීපී පරිමාව අනුව ආර්ථිකය ගැන සලකා බැලූවත් චීනය ඉදිරියෙන් සිටින බව පෙනී යනවා. ලෝකයේ ඩොලර් සංචිතවල වැඩිම ප‍්‍රමාණයක් මෙන්ම ලොවට වැඩිම ණය ලබාදෙන ආයතනය බවට පත්වී තිබෙන්නේත් චීනයයි. එම හේතුවෙන් චීනය බලවත් වීම නොවැලැක්විය හැකියි.

ජපානයත් යම් අවස්ථාවකදී මෙවැනි ආර්ථික අභියෝගයක් එල්ල කළත් ඇමරිකා එක්සත් ජනපදයට චීනයෙන් එල්ලවී ඇති අභියෝගය එයට වඩා බරපතලයි. සෝවියට් සංගමයෙනුත් එවැනිම අභියෝගයක් කලකදී එල්ල වී තිබුණා. ජපානයට සහ සෝවියට් සංගමයට ඇමරිකාව අනුගමනය කළ කි‍්‍රයාමාර්ගය එනම්, යුද්ධයකින් තොරව ආර්ථික වටලෑමකින් චීනය ඇදවැට්ටවීමට තමයි ඔබාමා පාලනයේ අරමුණ උනේ. විශේෂයෙන්ම ටී.පී.පී. නමින් කොරියාව, ජපානය, වියට්නාමය වැනි රටවල් ගණනාවක සහයෝගීතාවයකට ගිහින් චීනය කොටු කිරීමයි ඇමරිකාවේ උපාය මාර්ගය උනේ. නමුත් ට‍්‍රම්ප්ගේ පාලනයත් සමග එම කි‍්‍රයාදාමය අත් හිටුවමින් චීනය සමග කෙලින්ම ගැටුමකට යන තත්වයක් තමයි උදාවෙලා තිබෙන්නේ. චීනයේ භාණ්ඩවලට අධික බදුබර, සම්බාධක මෙන්ම දකුණු චීන ප‍්‍රදේශයේ යුධමය වශයෙන් තමන්ගේ අභ්‍යාස කිරීම මගින් ඇමරිකා එක්සත් ජනපදය ඍජු ගැටුමකට ගමන් කරමින් තිබෙනව බව පැහැදිලියි.

ට‍්‍රම්ප් පාලනයේ ප‍්‍රධාන උපදේශකයෙකු පවසා තිබෙන්නේ ඉදිරි අවුරුදු පහත් දහයත් අතර දකුණු චීන මුහුදේ මහා යුද්ධයක් ඇතිවන බවයි. එහිදී රුසියාව නිෂ්කි‍්‍රය කිරීමට තමන් දැනටමත් කි‍්‍රයාකරන බවත්, චීනයට පාඩමක් උගැන්වීමට ඇමරිකාව සූදානම් බවත් ප‍්‍රකාශ කර තිබෙනවා.

චීනයත් මෙම ගැටළුව දන්නා බැවින් අති විශාල හමුදාවක් උතුරු කොරියානු දේශ සීමාවට කැඳවා තිබෙනවා පමණක් නෙමෙයි දකුණු චීන මුහුදේ තම අනන්‍යතාව රැුක ගැනීම සඳහා දැවැන්ත යුධ නෞකා දියත් කිරීමකුත් සිදුකර තිබෙනවා.

ට‍්‍රම්ප් පාලනය බුද්ධිමත්ව කි‍්‍රයාකරයිද? උතුරු කොරියාවට පහරදීමට ඉදිරිපත් වෙයිද? සිරියාවේ සහ ඇෆ්ගනිස්ථානයේ ඔවුන් කළ ප‍්‍රහාරවලට දැන් ඔවුන්ට ප‍්‍රති ප‍්‍රහාර එල්ල වෙමින් තිබෙනවා. පසුගියදා තුර්කිය ඇමරිකා හිතවාදී කල්ලිවලට දරුණු ගුවන් ප‍්‍රහාරයක් එල්ල කළා. එසේම සිරියාවට, ඇෆ්ගනිස්ථානයට එල්ල කළ ප‍්‍රහාරයට ප‍්‍රති ප‍්‍රහාරක් ලෙස රුසියානු අවිවලින් සන්නද්ධ වූ තලේබාන්වරු ඇෆ්ගනිස්ථානයේ යුධ කඳවුරු වනසමින් සිටිනවා. ඇමරිකාව ඒ කලාපයේ දැක්වූ යුධ ප‍්‍රතිකි‍්‍රයා දෙක සඳහා දැනටමත් ප‍්‍රති ප‍්‍රහාර එල්ල වෙමින් තිබෙනවා.

ඔවුන් දකුණු චීනයට ඇතුළු වී උතුරු කොරියාවට ප‍්‍රහාරයක් එල්ල කරයිද, එයට ප‍්‍රතිප‍්‍රහාරයක් වහාම ලැබෙයිද, නැතිනම් වක‍්‍ර යුද්ධයකට ලෝකය ගමන් කරයිද? ජපානය ඉන්දියාව වැනි රටවල් එකට එකතු කරගෙන චීනය වටලෑමට ඔබාමා ගෙනගිය වැඩපිළිවෙල මෙතනින් අවසන් කියන මේ ගැටළු සියල්ලම ඉදිරියේද පැණ නගිනවා.

කෙසේ වෙතත් චීනය බලගතු රාජ්‍යයක් බවට පත් කිරීම තමන්ගේ සිහිනය බව චීන ජනාධිපති ෂින් ජින් පින් ප‍්‍රකාශ කර තිබෙනවා. ඔහුගේ සිහිනය සැබෑ කර ගැනීම සඳහා ආර්ථික වශයෙන් පමණක් නොව යුධ දේශපාලනික වශයෙන් ද ඔවුන් කි‍්‍රයා කරන බව පැහැදිලියි. ලබන මැයි මාසයේදී වන් බෙල්ට් – වන් රූට් කියන තේමාව යටතේ ලෝකය පුරා චීනය විසින් ඉදිකරගෙන යන වරායවල්, ගුවන්තොටුපලවල් සහ ආර්ථික කොරිඩොර පිළිබඳ මහා සමුළුවක් පැවැත් වීමටත් නියමිතයි. ඒ වගේම ලොව පුරා රටවල් ගණනාවකට චීනය සමග ආර්ථික සම්බාධක වලින් තොරව නිදහස් වෙළඳාම සඳහා වූ යෝජනාවලියක් ද ඔවුන් ඉදිරිපත් කර තිබෙනවා. දැන් ගෝලියකරණයේ නියමුවා වී තිබෙන්නේ චීනය. ආරක්‍ෂණවාදී ප‍්‍රතිත්තියේ නියමුවා වී තිබෙන්නේ ඇමරිකා එක්සත් ජනපදය. මේ නිසා අලූත් ලෝක තත්වයක් නිර්මාණය වනවා පමණක් නෙමෙයි අලූත් ගැටුම්කාරී තත්වයක් ද නිර්මාණය වෙමින් පවතිනවා. මේ ගැටුම්කාරී තත්වය දකුණු පැසිපික්් සාගරයෙන් ඔබ්බට ඉන්දියානු සාගරයටත් අනිවාර්යයෙන්ම ගමන් කරනවා ඇති ශ‍්‍රී ලංකාව සිය විදේශ ප‍්‍රතිපත්තියත්, ආරක්‍ෂක ප‍්‍රතිපත්තියත් නිවැරදිව සකස්කර නොගත හොත් මේ දකුණු චීනයේ සහ පැසිපික් සාගරයේ ගැටුම ශ‍්‍රී ලංකාවට මාරාන්තික ලෙස බලපෑමට නියමිතයි.

– පාඨලී චම්පික රණවක

scroll to top