2018 අප්‍රේල් වන විට විදෙස් ශ්‍රමික විශ්‍රාම වැටුප ලබාදිය හැකියි…

Thalatha-4.jpg

2018 වසරේ අප්‍රේල් මාසය වන විට විදෙස් ශ්‍රමිකයින් සඳහා යෝජනා වී තිඛෙන විශ්‍රාම වැටුප ලබාදිය හැකිවන බවත්, 2017 වර්ෂයේ රැකියා සඳහා ගොස් විවිධ කරදරයට ලක්වූ ශ්‍රමිකයින් සඳහා කෝටි දෙකකට අධික වන්දි මුදලක් ලබාදිමට හැකිවුණු බවත් අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළාය. අමාත්‍යතුමිය මේ අදහස් පළකළේ, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදෙස් රැකියා සඳහා ගොස් එරටදී විවිධ කරදරවලට ලක්වූ ශ්‍රමිකයින් 38 දෙනෙකු වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය ම`ගින් රු. 10,600,000 (එක්කෝටි හය ලක්ෂයක්) වන්දි මුදල් ප්‍රමාණයක් පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වු අමාත්‍යතුමිය, —මේ වගේ වන්දි ප්‍රදානයක් අද සිදුකරන්න කටයුතු කරපු සියළු දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා. විදෙස් ගතවෙලා ඉඳලා හෝ තමන්ගේ පවුලේ ආදරණීය ඥාතියා විදේශ ගතවෙලා යම් කිසි විදිහේ දුකකට පත්වෙලා තමයි අද මෙතන ඉන්නේ. කාර්යාංශයේ හා තානාපති කාර්යාලවල අපේ සේවය කරපු අය කැපවීමෙන් කටයුතු කරපු නිසා තමයි අද මේ වන්දි මුදල් ලබාදෙන්නේ. 2016 වසරේ හි`ග වැටුප් ලක්ෂ 248ක් ලබාදීලා තියෙනවා. මේ අවුරුදුදේ 115 දෙනෙකුට ලක්ෂ 516ක් ලබාදීලා තියෙනවා. අපේ වගකීම වෙන්නේ නොයෙකුත් කරදරවලට ලක්වෙන ශ්‍රමිකයින් බලාගන්න එක. ඇතැම් අය මාධ්‍ය හරහා නොයෙකුත් චෝදනා අපිට කරනවා. විශේෂයෙන්ම පහුගිය කාලවල කරදරයට ලක්වෙලා හිටිය අයට අවබෝධයක් තිබුණේ නෑ ඇවිත් අපිට පැමිණිලි කරන්න ඕනි කියලා. කාර්යාංශයට කියන්න, අපේ පළාත් කාර්යාලවලට කියන්න. ඒකෙන් නොයෙකුත් අය ඇවිත් ඒ දේවල්වලින් ප්‍රයෝජන ගන්න උත්සහ කළා. අපි මේ දේවල් හොඳට අත්දැකලා තියෙනවා. මේ දේවල්වලට කාර්යාංශය මුකුත් කරන්නේ නෑ හැමදේම කරන්නේ අපියි කියන දේ ඇතැම් අය මටත් ඇවිත් කියනවා. දේශපාලන වාසිගන්නත් කියනවා. එහෙම සංවිධාන ගොඩක් තියෙනවා.

ඊයේ පෙරේදා මගෙන් අහනවා කෝ විදෙස්ගත ශ්‍රමිකයින්ට ඇතිකරනවා කිව්ව විශ්‍රාම වැටුප කියලා. ඒක අවුරුද්දක් ගානේ අයවැය කියවනකොට කියන්නේ නෑ. ඒක ගිය අවුරුද්දේ ඉදිරිපත් කළා. මේ වෙනකොට ඒ දේවල් ටිකක් ලේසි වෙලා තියෙනවා අධිකරණ අමාත්‍යංශය හරහා ඇතැම් ආයතන තියෙන නිසා. මේ දේවල්වලට යම් කාලයක් යනවා. ජනාධිපතිතුමා එතුමගේ මැතිවරණ පොරොන්දුවල විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් කවුරුත් නොකියපු විදිහට වැඩ ගොඩක් කරන්න පොරොන්දු වුණා. මගෙත් බලාපොරොත්තුව ලබන වසරේ අප්‍රේල් මාසය විතර වන විට මේ දේවල් කි්‍රයාත්මක කරන්න. ඒ වෙනුවෙන් වෙනම අංශයක් කාර්යාංශය තුළ ඇතිකරන්න වෙලා තියෙනවා. ශ්‍රමිකයින්ට විශ්‍රාම වැටුපක් ගෙවන එක කවුන්ටරයට කොලේ දික්කරනවා වගේ පහසු නෑ. මේ දේවල් අපි කරන්නේ අපේ ශ්‍රමිකයින්ට වගකීමක් හා පිළිගැනීමක් තියෙන නිසා.

ශ්‍රමිකයින් ගොඩක් ප්‍රශ්න මැද තමයි රට යන්නේ. ඇතැම් අය ලියාපදිංචි වෙන්නේ නැතුව ගිහින් කරදරයට ලක්වුණාම අපිට ගොඩක් අමාරුයි ඔවුන් ගෙන්වගන්න. තානාපති කාර්යාල නිළධාරීන්ට තියෙන විෂය පථය තුළ ඔවුන් හරි අමාරුවෙන් තමයි ඒ දේ කරන්නේ. මේ වන විට සුරක්ෂා නිවාස වල ඉන්න කාන්තාවන් ප්‍රමාණය ඉතාම සුළු මට්ටමක් වෙලා තියෙනවා. එහේ රඳවගන්නේ නැතුව නීතියෙන් ගැටළුවක් නැත්නම් එවන්න මම උපදෙස් දීලා තියෙනවා. අද අවුරුදු 17ක් සෞදියේ වැඩකරලා ආපු කේ.ජී.කුසුමාවතී මහත්මියට විශාල හිග වැටුප් ප්‍රමාණයක් ලැඛෙනවා. අපි මාසයකට විතර සැරයක් ඒ වගේ කෙනෙක් ගෙන්වනවා. ඇතැම් වෙලාවට ඒ අයට භාෂාව අමතකයි. ගමන් මාර්ගය දන්නේ නෑ. අවුරුදු 20 ගණනක් විතර ඉඳන් එහෙම ගෙන්වලා තියෙනවා. මේක අපේ වගකීම. ඒ වගේම විදෙස් ගතවෙන අයගේ වගකීම වෙන්නේ කාර්යාංශයේ ලියාපදිංචි වෙලා විදෙස් ගතවීමයි. විදෙස් ගතවෙන හැම කෙනෙක්ම ඒ නීති රීති තුළ ඉඳන් විදෙස් ගතවෙන්න. 2014 වර්ෂයේ 363000ක් විදේශ ගතවෙලා තිබුණා. මේ අවුරුද්ද වෙනකොට ඒක ලක්ෂ 2ට විතර අඩුවෙයි.

රටක් හැටියට නීති විරෝධී සංක්‍රමණය නිසා ගොඩක් දේවල් අපිට අහිමි වුණා. ඒ දේවල් නිසා රටවල් අපිට නොයෙක් තහංචි දාලා තිබුණා. ආර්ථීක වශයෙන් වගේම නොයෙකුත් විදිහට අපිට දෙන පහසුකම් අඩුකරලා තිබුණා. අපි ඒ තත්ත්වයෙන් දැන් මිදිලා තියෙනවා. ඒ සඳහා කාර්යාංශයේ සියළු දෙනාගේම නොමසුරු සහයෝගය අපිට ලැබිලා තියෙනවා. අපි උපරිමයෙන්ම අපේ වගකීම ශ්‍රමිකයින් වෙනුවෙන් ඉටුකරනවා.˜ යනුවෙන් ප්‍රකාශ කළාය.
අද දින ලබාදුන් වන්දි මුදල් අතරට විදේශ රැකියාව අතරතුරදී හා මෙරටට පැමිණීමෙන් පසු සිදුවූ මරණ 15ක් සඳහා රු.4,200,000.00 ද, වෛද්‍යාධාර සඳහා ශ්‍රමිකයින් 13 දෙනෙකු වෙනුවෙන් රු.1,850,000 හා යැපෙන්නන් සඳහා එක් ශ්‍රමිකයෙකු වෙනුවෙන් රු.50,000.00 ද මුදලක්ද පිරිනමන ලදී.

විදේශ රැකියා සඳහා ලියාපදිංචි ශ්‍රමිකයින්ට වන්දි ලබාදෙන රක‍ෂණ ක්‍රමයට ඇතුළත් නොවූ මියගිය හා ආබාධිත වූ වන්දි ලාභීන් වෙනුවෙන් ල විගමනික සේවක සුභසාධන අරමුදල ම`ගින් මෙසේ වන්දි මුදල් ලබාදේ. ඒ අනුවල රක‍ෂණ කාලය අවසන් වී තවදුරටත් එය දීර්ඝ නොකර සේවයේ යෙදී සිටි හා රක‍ෂණ ක්‍රමය ම`ගින් ආවරණය නොවූ තත්වයන් වෙනුවෙන් මෙම වන්දි ප්‍රදානය කෙරේ.

2017 වසරේ විදේශ රැකියාව අතරතුරදී හා මෙරටට පැමිණීමෙන් පසු සිදුවූ මරණ 58ක් සඳහා රු.16,000,000.00 ද, වෛද්‍යාධාර සඳහා ශ්‍රමිකයින් 47 දෙනෙකු වෙනුවෙන් රු.6,400,000 හා යැපෙන්නන් සඳහා එක් ශ්‍රමිකයින් 8 දෙනෙකු වෙනුවෙන් රු.500,000.00 ද මුදලක්ද පිරිනමන ලදී. ඒ අනුව ශ්‍රමිකයින් 113 දෙනෙකු වෙනුවෙන් රු.22,900,000.00ක මුදලක් විගමණික සේවක සුභසාධන අරමුදල ම`ගින් ලබාදී තිබේ.

2016 වසරේ විදේශ රැකියාව අතරතුරදී හා මෙරටට පැමිණීමෙන් පසු සිදුවූ මරණ 62ක් සඳහා රු.14,680,000.00 ද, වෛද්‍යාධාර සඳහා ශ්‍රමිකයින් 75 දෙනෙකු වෙනුවෙන් රු.9,410,000 හා යැපෙන්නන් සඳහා එක් ශ්‍රමිකයින් 16 දෙනෙකු වෙනුවෙන් රු.1,100,000.00 ද මුදලක්ද පිරිනමන ලදී. ඒ අනුව ශ්‍රමිකයින් 153 දෙනෙකු වෙනුවෙන් රු.25,190,000.00ක මුදලක් විගමණික සේවක සුභසාධන අරමුදල ම`ගින් ලබාදී තිබේ.

එසේම මීට අමතරව විදේශ රැකියාව කරන අතරතුරදී මිය ගිය හා එරට කළ රැකියාව හේතුවෙන් මෙරටට පැමිණ මරණයට පත්වූ ශ්‍රමිකයින් 9 දෙනෙකු වෙනුවෙන් කාර්යාංශ රක‍ෂණ අරමුදල ම`ගින් රුපියල් ලක‍ෂ 45ක මුදලක්ද අද දිනයේදී පිරිනමන ලදී.

2016 වර්ෂයේදී විගමණික ශ්‍රමිකයින් 51 දෙනෙකු සඳහා රු.24,834,526.84ක් (දෙකෝටි හතලිස් අට ලක්ෂ තිස් හතර දහස් පන්සිය විසි හයයි ශත අසූ හතරක) හි`ග වැටුප් ලෙස කාර්යාංශය මැදිහත්වී ලබාදී තිඛෙන අතර, 2017 වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රමිකයින් 115 දෙනෙකු වෙනුවෙන් රු.51,640,563.00ක (පන්කෝටි දහසය ලක්ෂ හතලිස් දහස් පන්සිය හැටතුන) මුදලක් හි`ග වැටුප් වශයෙන් ලබාදී තිබේ.

මෙම අවස්ථාවට යාපහුව එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායිකා අචිනි ලොකුබණ්ඩාර, කාර්යාංශයේ සභාපති ආර්.කේ.ඔබේසේකර, කි්‍රයාකාරී අධ්‍යක්ෂක නීතීඥ උපුල් දේශපි්‍රය, සාමාන්‍යාධිකාරී කේ.ඕ.ඩී.ඩී.ප්‍රනාන්දු, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සුභසාධන) තරංග හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීන්ද එක්ව සිටියහ.

scroll to top