2017 පශ්චාත්උපාධි අපේක්ෂකයින් බඳවාගැනීම් IIT වෙතින්

IIT-Campus.jpg

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයට පුරෝගාමීන් වූ ඉන්ෆොමැටික්ස් තොරතුරු තාක්ෂණ ආයතනය (IIT) පශ්චාත් උපාධි පාඨමාලා සඳහා අපේක්ෂකයින් බඳවා ගැනීමේ කටයුතු තවත් පුළුල් කරමින් මැයි මස සඳහා බඳවාගැනීම් ආරම්භ කර ඇත. එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාල රැසක පශ්චාත් උපාධි මේ හා අනුයුක්තව හඳුන්වා දී ඇත.

වෙස්ට්මිනිස්ටර් විශ්වවිද්‍යාලයේ උසස් තාක්ෂණික ඉංජිනේරු පාඨමාලාව (MSc Advanced Software Engineering from the University of Westminster), රොබට් ගෝර්ඩන් (Robert Gordon) විශ්ව විද්‍යාලයෙන් දත්ත අධ්‍යයනය සඳහා දියත් කරන ලද MSc දත්ත විශ්ලේෂණ පාඨමාලාව (MSc Big Data Analytics) හා MSc ව්‍යාපාරික විශ්ලේෂණ පාඨමාලාව (MSc Business Analytics) ඉන්ෆොමැටික් තොරතුරු තාක්ෂණ ආයතනයෙන් දැන් හැදෑරිය හැක. 2013 ටයිම්ස් ගුඩ් යුනිවසිටි ගයිඩ්හි (Times Good Univeristy Guide) එක්සත් රාජධානියේ හොඳම මාර්ගෝපදේශන විශ්වවිද්‍යාලය ලෙස රොබට් ගෝර්ඩන් (Robert Gordon) විශ්වවිද්‍යාලය තේරී පත් වී ඇත.

IIT හි සියලුම MSc පාඨමාලා අවුරුදු 2ක් වන අතර කැන්ටබරි ක්‍රයිස්ට් චර්ච් (Canterbury Christ Church) විශ්වවිද්‍යාලයෙහි MBA පාඨමාලාව මාස 16කින් නිම කළ හැක. සිසුන් හට වෘත්තීය නිපුනතා හා දැනුම ලබා දීමට IIT විසින් ඉදිරිපත් කරනු ලබන පශ්චාත් උපාධි පාඨමාලාහි ප්‍රායෝගික හා සිද්ධාන්ත පැති සඳහා අවධානය යොමු කර ඇත. තවද ආරාධිත කථිකාචාර්යවරුන් ද සම්බන්ධ කරගනිමින් විවිධ වැඩමුළු ද පශ්චාත් උපාධි අපේක්ෂක සිසුන් වෙනුවෙන් IIT ආයතනය විසින් පවත්වනු ලබයි.

IIT විධායක නිලධාරී ආචාර්ය සම්පත් කන්නන්ගර මහතා පෙන්වා දෙන අන්දමට රැකියා සඳහා ඇති තරඟකාරීත්වය නිසා තරුණ තරුණයින් ඔවුන්ගේ වෘත්තීය සාර්ථකත්වය කරා යාමට නම් නිවැරදි පශ්චාත් උපාධි පාඨමාලාවක් තෝරාගැනීම වැදගත් වේ. IIT වෙතින් ඉදිරිපත් කරන පශ්චාත් උපාධි පාඨමාලා තුලින් සිසුන්ට තම වෘත්තීය මාර්ගෝපදේශන මනාව ලැබෙනවා මෙන්ම ඔවුන්ට අවශ්‍ය දැනුම ද එලෙසම ලැබෙනවා ඇත.

ජාත්‍යාන්තර උපාධි සැපයීමේ පුරෝගාමියා ලෙස IIT කටයුතු කරන අතර අවුරුදු ගණනාවක සිටම උපාධිධාරීන් බිහිකර ඔවුන්ව වෘත්තීය මට්ටමින් ශක්තිමත් කිරීමෙහි ලා කැප වී සිටින බවත් IIT උපාධිධාරීන් රජයේ මෙන්ම පෞද්ගලික අංශ වල ඉතා ඉහල තනතුරැ හොබවන බව ද ආචාර්ය කන්නන්ගර මහතා පැවසීය.

1990 වසරසිටලෝකය පුරා පැතිර සිටින 3,000 කට අධික උපාධිධාරීන් බිහිකළ ආයතනයක් ලෙසIIT ආයතනය නම්දරයි.IIT යනු සම්මානලාභී ආයතනයකි. දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර නව නිපැයුම් තරඟ සඳහා ඉදිරිපත් වී බොහෝ සම්මාන දිනා ගැනීමට සමත් වී ඇත. මයික්‍රොසොෆ්ට් ඉමැජින් කප්, නැෂනල් බෙස්ට් කොලිටි සොෆ්ට්වෙයා Awards (NBQSA), ගූගල් සමර් ඔෆ් කෝඩ් (Google Summer of Code), බ්‍රිටිෂ් කවුන්සිල් HSBC යූත් එන්ටර්ප්‍රයිස් Awards, සහ e-ස්වාභිමානි සම්මාන ඒ අතර වේ.

ලියාපදිංචි වීම් සහ අනෙකුත් විස්තර සඳහා
අමතන්න : 0722 727 272
පිවිසෙන්න : www.iit.ac.lk

scroll to top