18 වන වතාවටත් හොඳම බැංකුව කොමර්ෂල් බැංකුව

Global-Finance-2017.jpg

24 මාර්තු 2017 විමසුම

ජාත්‍යන්තර ව්‍යාපාරික ප්‍රජාව අතර සුප්‍රසිද්ධ ඇමරිකානු මූල්‍ය සඟරාවක් වන ග්ලෝබල් ෆයිනෑන්ස් විසින් 2017 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව තෝරා පත්කර ගෙන තිබෙන අතර මෙය මේ වසර තුළදී බැංකුව දිනාගත් තුන්වන ජාත්‍යන්තර සම්මානය ලෙසින් කැපී පෙනේ.

ලොව පුරා ජනාදරයට පත් ග්ලෝබල් ෆයිනෑන්ස් විසින් ආසියා-පැසිෆික් කළාපයේ 2017 වසරේ හොඳම බැංකු 30 ක ලයිස්තුව එළිදක්වා තිබෙන අතර කළාපයේ දැවැන්ත බැංකු වන Commonwealth Bank (ඔස්ට්‍රේලියාව) ICBC(චීනය)The Bank East Asia (හොංකොං)State Bank of India, Bank Rakyat (ඉන්දුනීසියාව) Mizuho(ජපානය) යන බැංකු සමග මෙම ලයිස්තුවේ කරට කර සිටීමට කොමර්ෂල් බැංකුවට හැකිවී ඇත.

scroll to top