හෙළ උරුමය හෙට මහනාහිමිවරුන් බැහැ දැකී

නොවැ 19, 2014 (විමසුම) – හෙට (20) මහනුවර ශ්‍රී දළඳා වහන්සේ වැඳ පුදාගැනීමෙන් අනතුරුව මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැක ඉදිරි තීන්දු තීරණ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක යෙදෙන බව ජාතික හෙළ උරුමය පවසයි.

එම පක්ෂයේ ප්‍රධාන ලේකම් පාඨලී චම්පික රණවක මහතා ප්‍රධාන හෙළ උරුමයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රධානීන් කිහිපදෙනෙකු මෙසේ ශ්‍රී දළඳා වහන්සේගේ ආශිර්වාද ලබාගැනීමට නියමිතය.

ඉන් අනතුරුව මහනුවර ස්ථාන දෙකකදී විශේෂ සාකච්ඡා දෙකක් පැවැත්වීමට ද නියමිත බව ජාතික හෙළ උරුමය වැඩිදුරටත් සඳහන් කරයි.

scroll to top