හලාල් ප්‍රතීතන කවුන්සිලය ISO 9001:2015 සහතිකකරණය හිමිකරගනී

Halal.jpg

හලාල් ප්‍රතීතන කවුන්සිලය [Halal Accreditation Council (Guarantee) Limited] යනු ලාභ නොලබන, 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි කරන ලද ආයතනයකි. එම ආයතනය පසුගියදා සිය තත්ත්ව කළමනාකරණ පද්ධතිය වෙනුවෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පිරිනමන ෂීධ 9001ථ2015 සහතිකකරණය හිමිකරගැනීමට සමත් විය.

2017 පෙබරවාරි 15 වනදා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ කාර්යාලයේදී මෙම සහතිකකරණය නිල වශයෙන් හලාල් ප්‍රතීතන කවුන්සිලය වෙත පිරිනැමිර්‍ණ. එහිදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ගාමිණී ධර්මවර්ධන මහතා විසින් හලාල් ප්‍රතීතන කවුන්සිලයේ ජාත්‍යන්තර සම්බන්ධතා ප්‍රධානී එම්. ෙජ්. එම්. ෆාරි මහතා වෙත එය පිරිනමන ලදි. මෙම අවස්ථාවට හලාල් ප්‍රතීතන කවුන්සිලයේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී අලි ෆතරලි මහතාද සහභාගී විය.

ISO 9001:2015 සහතිකකරණය ලබාගැනීම සඳහා අවශ්‍ය වන යටිතල ව්‍යුහමය සුදුසුකම් ඇතුළු සියලූම මූලික අවශ්‍යතා සපුරාලීම නිසා හලාල් ප්‍රතීතන කවුන්සිලය වෙත මෙම සහතිකකරණය හිමි වී තිබේ. මනා කළමනාකාරීත්වයක් සමගින් සිය සේවාදායකයන්ට විශිෂ්ට සේවාවක් සැලසීම සඳහා එම ආයතනය දක්වන කැපවීමට මෙය මනා සාක්ෂියකි.

මෙම සහතිකකරණය හිමිවීමත් සමග දැන් හලාල් සහතිකකරණ ක්‍රියාවලිය වඩාත් පැහැදිලි තත්ත්ව පාලන ප්‍රතිපත්තියක්, ලිපිලේඛන හා වාර්තා සම්බන්ධ වඩාත් විධිමත් කළමනාකරණ ක්‍රියාවලියක්, මනා ලෙස ස්ථාපිත සම්පත් කළමනාකරණ ක්‍රමවේදයක්, කාර්යක්ෂම ක්‍රියාවලි පාලන වැඩ පිළිවෙළක් මෙන්ම දිගින් දිගටම දියුණු කිරීම් සිදුකිරීම සඳහා වන පැහැදිලි කැපවීමක් යනාදී සාධක රාශියක් සමග සමගාමී වී තිබේ. තමන් වෙතින් හලාල් සහතිකකරණය ලබාගන්නා පාරිභෝගිකයන්ට වඩාත් විශිෂ්ට සේවාවක් සැලසීමට මේ ඔස්සේ හලාල් ප්‍රතීතන කවුන්සිලයට හැකියාව ලැඛෙනු ඇත.

ශ්‍රී ලංකාව වැනි බහු ආගමික, බහු වාර්ගික හා බහු සංස්කෘතික පරිසරයක් පවතින රටක සියලූම පාර්ශ්වයන් විශ්වාසය ගොඩනංවාගැනීම අනිවාර්ය අංගයකි. මෙම පරිසරය තුළ විනිවිදභාවය ආරක්ෂා කරගනිමින් සාර්ථකව ඉදිරියට යාමට හලාල් ප්‍රතීතන කවුන්සිලය සමත් වී ඇති බවට මෙම සහතිකකරණය සාක්ෂි දරයි.

ඉස්ලාම් ආගමික මූලධර්ම මත පදනම් වූ හලාල් සහතිකකරණය යනු ජාති ආගම් භේදයකින් තොරව පොදුවේ නිෂ්පාදනවල තත්ත්වය, ප්‍රමිතිය හා සෞඛ්‍යාරක්ෂිත බව ආදිය මෙන්ම මනුෂ්‍ය යහපැවැත්ම වැනි ගුණාංග කෙරෙහිද දැඩි අවධානයක් යොමුකරණ සහතිකකරණයක් බව හලාල් ප්‍රතීතන කවුන්සිලය අවධාරණය කර සිටී. සදාචාරවත් නිෂ්පාදනය සහ සදාචාරවත් පරිභෝජනය යන අංශ දෙකම මෙම සහතිකකරණය මගින් ආවරණය වේ.

ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතීන් පවත්වාගෙන යාම, අවදානම් පදනම් කරගත් චින්තනය, සමෝධානික ක්‍රියාවලිවල කාර්යක්ෂමතාව, සේවායෝජක සම්බන්ධය, සුපැහැදිලි හා විනිවිදභාවයෙන් යුත් තීරණ ගැනීමේ ක්‍රියාවලිය, පාරිභෝගික තෘප්තිය උදෙසා කැපවීම සහ අඛණ්ඩව වැඩිදියුණු කිරීම් සිදුකිරීම සඳහා උත්සාහ ගැනීම යනාදී සාධක නිසා මේ ආකාරයට හලාල ප්‍රතීතන කවුන්සිලය ISO 9001:2015 සහතිකකරණය හිමිකරගැනීමට සමත් වී ඇත. මේවා හුදෙක් සංකල්ප නොව, ආයතනය තුළ ප්‍රායෝගිකව ක්‍රියාවට නංවනු ලබන මූලිකාංග හා ගුණාංග වේ.

මින් ඉදිරියට තම ආයතනයේ ක්‍රියාකාරකම් ISO 9001:2015 සහතිකකරණයේ අවශ්‍යතා සහ මූලිකාංගවලට අනුකූලව සිදුවනු ඇති බවට හලාල් ප්‍රතීතන කවුන්සිලය අවධාරණය කරයි. මෙය මෙරට හලාල් සහතිකරණය ලබාගත් පාරිභෝගිකයන්ගේ මෙන්ම සමස්ත පොදු ජනතාවගේ විශ්වාසය ඉහළ නංවන හේතුවක් වනු නොඅනුමාන ය. වැඩිදුර විස්තර සඳහා 0117 425225 අංකයෙන් හලාල් ප්‍රතීතන කවුන්සිලය අමතන්න.

scroll to top