හජ් වන්දනාවේ යවන මුවාවෙන් සිංහල කතුන් රට රස්සාවට යැවීමේ ජාවාරමක්

foreign-workers.jpg

හජ් වන්දනාව සඳහා බැතිමතුන් යැවීම සඳහා ලියාපදිංචි කොළඹ 10, මරදාන වෙළඳ සංකීර්ණයේ පිහිටි සංචාරක ආයතනයක් ම`ගින් කාන්තාවන් ඕමාන් හා කුවේට් රැකියාවලට යැවීමට ගත් උත්සහයක් පිළිබඳව ලද තොරතුරක් මත එම ආයතනයේ හිමිකරු අද දින (2016.03.31) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී. එම අවස්ථාවේ ඔහු සතුව තිබී සිංහල කාන්තාවන්ගේ පාස්පෝට් 5ක්, වීසා 2ක්, වෛද්‍ය වාර්තා ඇතුළු තවත් ලේඛන රාශියක් අත්අඩංගුවට ගන්නා ලදී. ඔහු අද දින මාළිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම ආයතනයට හිමිව ඇත්තේ මක්කම වන්දනාවේ යැවීම සඳහා වලංගු සංචාරක බලපත‍්‍රයක් වන අතර එම`ගින් විදේශ රැුකියා සඳහා යොමුකිරීමට නීත්‍යානුකූල අයිතියක් නොමැති අතර, විදේශ රැකියා සඳහා ලියාපදිංචි ආයතනයක්ද නොවේ. මෙම ආයතනය ම`ගින් මේවන විටත් පුද්ගලයින් රැකියා සඳහා යොමුකර ඇත්දැයි කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පරීක්‍ෂණ මෙහෙයවමින් සිටී.

මෙම වැටලීම සඳහා විශේෂ විමර්ශන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කීර්ති මුතුකුමාරණ මහතාගේ උපදෙස් හා කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ කළමණාකරු සහකාර පොලිස් අධිකාරී චින්තක ගුණරත්න හා කාර්යාංශයේ පොලිස් ඒකකයේ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක අර්ජුන මාහින්කන්ද මහතාගේ අධීක්‍ෂණයෙන් නීති කි‍්‍රයාත්මක කිරීමේ නිළධාරී පොලිස් පරීක්‍ෂක සී.ජී.වෙලගෙදර, නීති කි‍්‍රයාත්මක කිරීමේ නිළධාරී උප පොලිස් පරීක්‍ෂක රාජිත වර්ණපි‍්‍රය, නීති කි‍්‍රයාත්මක කිරීමේ නිළධාරී පොලිස් සැරයන් රවීන්ද්‍ර හා පොදු සහකාර සුනේත‍්‍රා යන මහත්ම මහත්මීන් එක්වී සිටියහ.

මේ සම්බන්ධව අදහස් දක්වමින් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළේ, විදෙස් ගතවීමට පෙර ඒ පිළිබඳව සොයාබලා කටයුතු කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර මෙවැනි ව්‍යාජ ඒජන්සිකරුවන් සම්බන්ධව ඉදිරියේදී දැඩි කි‍්‍රයාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි. එමෙන්ම සංචාරක වීසා මත විදෙස් ගත වී රැකියාවන්වල නිරතවිය නොහැකි බවත්, එවැනි අය පිළිබඳව සොයාබලා වැටලීම් කිරීමට තමන් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට උපදෙස් දුන් බවයි.

scroll to top