සෞදියේ සේවයට ගොස් වසර 10ක් වැටුප් නොලැබූ පරමේෂ්වරීට හිගවැටුප් ලක්ෂ 20ක්…

Parameshwaree.jpg

සෞදියේ ගෘහ සේවිකාවක් වශයෙන් සේවයට ගොස් වසර 10ක් වැටුප් නොලැබූ ලාංකික කාන්තාවකට අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මියගේ මැදිහත්වීම මත හි`ගවැටුප් ලබාගැනීමට හැකිවිය.

පේරාදෙණිය, දෙල්තොට, බෝපිටිය ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක වන රාමයියා පරමේෂ්වරී (අවු.54) මහත්මිය 2007.12.20 වන දින විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී ගෘහ සේවිකාවක වශයෙන් සෞදි අරාබියට රැකියාව සඳහා ගොස් තිබේ. එදින සිට සේවය කළ නිවසෙන් ඇයට කිසිඳු වැටුපක් ගෙවා නොමැති අතර, සිය ඥාතීන් සම`ග සම්බන්ධතා පවත්වාගැනීමටද ඇයගේ හාම්පුතුන් ඉඩදී නැත. ඒ පිළිබඳව තොරතුරු දැනගත් අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ඇයගේ හිග වැටුප් ලබාදී කඩිනමින් දිවයිනට ගෙන්වා දෙන ලෙස තානාපති කාර්යාල නිළධාරීන්ට උපදෙස් ලබාදුන්නාය.

එහිදී තානාපති කාර්යාලයේ නිළධාරීන් පරමේෂ්වරී මහත්මියගේ හාම්පුතාට ඇයගේ හි`ග වැටුප් ගෙවන ලෙස උපදෙස් දුන් අතර ඔහු විසින් එය ප්‍රතික්ෂේප කරන ලදී. ඒ අනුව ඔවුන් එරට පොලිසියට පැමිණිලි කර අතර, පොලිස් නිළධාරීන් හාම්පුතා කැඳවා මෙම කාන්තාවට ගෙවිය යුතු සියළු හි`ග වැටුප් ගෙවන ලෙස නියම කරන ලදී. සෞදි තානාපති කාර්යාලයේ කම්කරු උපදේශක ඉන්දික තිලකරත්න මහතා හා භාෂා පරිවර්තක ජාසීර් මහතාගේ දැඩි උත්සහයත් සෞදි පොලිසියේ මැදිහත්වීමත් මත පරමේෂ්වරී මහත්මියට හිමි හි`ග වැටුප් ලෙස සෞදි රියාල් 50,000ක් (රු. 2,041,500.00) ඇයගේ හාම්පුතාගෙන් ලබාගැනීමට හැකිවිය. ඒ අනුව එම මුදල ඇයට ලබාදුන් අතර, මේ වන විට ඇය සෞදියේ තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවාසය භාරයේ සිටියි. ඇයව කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීම සඳහා මේ වන විට සියළු කටයුතු සූදානමින් පවතී.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළේ, පසුගිය වසර 2ක කාලය තුළදී විදෙස් රැකියාවට ගොස් වසර ගණනක් කිසිඳු තොරතුරක් නොමැතිව සිටි කාන්තාවන් විශාල පිරිසක් දිවයිනට ගෙන්වාගෙන ඔවුන්ට හිමි සියළු හි`ග වැටුප් ලබාදීමට හැකිවූ බවයි. තමන් ඒ පිළිබඳව සතුටු වන බවත්, මෙසේ ඔවුන්ට උපකාර කිරීමට හැකිවූයේ කාර්යාංශයේ ලියාපදිංචි වී විදෙස් ගතවීම නිසා බවත් අමාත්‍යතුමිය සඳහන් කළාය. විදෙස් රැකියා සඳහා යොමුවන සියළු දෙනා කාර්යාංශයේ ලියාපදිංචි වී විදෙස් ගතවීම ම`ගින් ඔවුන්ට රාජ්‍ය තාන්ති්‍රක වගකීමක් හිමිවන බවත් වැඩිදුරටත් අමාත්‍යතුමිය සඳහන් කළාය. මෙම ගැටළුව සම්බන්ධයෙන් දැඩි කැපවීමෙන් කටයුතු කළ තානාපති කාර්යාල නිළධාරීන්ටද අමාත්‍යතුමිය සිය ස්තූතිය පළ කළාය.

scroll to top