සෙලාන් බැංකුව රේගු බදු එසැණින් ගෙවීමට වේගවත් අන්තර්ජාල ගෙවීම් ක‍්‍රමයක් හඳුන්වා දෙයි

seylan-bank-customs.jpg

ආනයනකරුවන් විසින් ශ‍්‍රී ලංකා රේගුව වෙත කරනු ලබන ගෙවීම් වඩාත් ඉක්මනින් සහ කාර්යක්ෂම ලෙස සිදුකිරීම සඳහා වේගවත්, ක්ෂණික, අන්තර්ජාලගත ගෙවීම් ක‍්‍රමයක් හඳුන්වා දීමට සෙලාන් බැංකුව පසුගියදා කටයුතු කළේ ය.

මෙමගින් ආනයනකරුවන්ට සාම්ප‍්‍රදායික මන්දගාමී ගෙවීම් ක‍්‍රමය වෙනුවට සෘජුවම ශ‍්‍රී ලංකා රේගුව වෙත අන්තර්ජාලය ඔස්සේ ගෙවීම් සිදුකළ හැකි වේ. එමෙන්ම සාම්ප‍්‍රදායික ක‍්‍රමයේදී අයකැමි අණකර ගාස්තු ලෙස රු. 250/- ක් ගෙවීමට පාරිභෝගිකයන්ට සිදුවූ අතර නව ක‍්‍රමය මගින් සේවා ගාස්තුවක් ලෙස ගෙවිය යුතු වන්නේ රු. 50/- ක මුදලක් පමණි.

LankaClear හඳුන්වා දී ඇති LankaPay අන්තර්ජාල ගෙවීම් පදනම භාවිතා කරමින් නිර්මාණය කර ඇති මෙය ඔස්සේ සිදුකරනු ලබන සියලූම ගෙවීම් LankaPay Common Electronic Fund Transfer Switch (CEFTS) පදනම හරහා සෘජුවම ශ‍්‍රී ලංකා රේගුවේ බැංකු ගිණුම වෙත බැර වේ. ඉතාමත් ලාභදායී, සුරක්ෂිත, ඉලෙක්ට්‍රොනික ගෙවීම් ජාලයක් වන CEFTS සමග අත්වැල් බැඳගැනීම නිසා මෙවැනි සුවිශේෂී සේවාවක් තම ගනුදෙනුකරුවන් වෙත ලබාදීමට සෙලාන් බැංකුවට හැකියාව ලැබී ඇත.

‘‘නවීන තාක්ෂණය භාවිතා කරමින්, බැංකු ශාඛාවකට පැමිණීමකින් තොරව තම බැංකුකරණ අවශ්‍යතා සපුරාගැනීම සඳහා ගනුදෙනුකරුවන්ට අවස්ථාව සලසා දීමට අප සෑම විටම කටයුතු කරනවා. මෙම නව සේවාව හඳුන්වා දීමත් එම උත්සාහයේ තවත් එක් වැදගත් පියවරක් ලෙස පෙන්වා දීමට පුළුවන්.” සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – මෙහෙයුම් මලික් වික‍්‍රමනායක මහතා පැවසී ය.

වික‍්‍රමනායක මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ මෙම සේවාව හඳුන්වා දීමට පෙර රාජ්‍ය නොවන බැංකු වල ගිණුම් පවත්වාගෙන ගිය ආනයනකරුවන්ට හා අපනයනකරුවන්ට මන්දගාමී ගෙවීම් ක‍්‍රියාවලියක් අනුගමනය කිරීමට සිදුවී තිබූ බවයි. ඒ යටතේ ඔවුන් තම බැංකුවේ අණකරයන් ලබාගෙන, එය මෙරට රාජ්‍ය බැංකු දෙකෙන් එකක ශාඛාවක් වෙත රැුගෙන ගොස්, ශ‍්‍රී ලංකා රේගුව සඳහා තවත් ගෙවීම් අණකරයක් ලබාගත යුතුව පැවතිණි. නව සේවාව නිසා මෙම ක‍්‍රියාවලිය වෙනුවෙන් කාලය වැයකිරීමේ අවශ්‍යතාව මගහැරී යයි.

එමෙන්ම මෙම සේවාව භාවිතා කරමින් සිදුකරනු ලබන ගනුදෙනුවල සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා නවීනතම ආරක්ෂක ක‍්‍රම හා යාවත්කාලීන කිරීම් භාවිතා කිරීමටද සෙලාන් බැංකුව කටයුතු යොදා තිබේ. තම ඩිජිටල්කරණ ක‍්‍රියාවලියේ ප‍්‍රධාන අංගයක් ලෙස, සාම්ප‍්‍රදායික ගෙවීම් ක‍්‍රම වෙනුවට දිගින් දිගටම නවීන තාක්ෂණයන්ගෙන් පන්නරය ලබන ගෙවීම් ක‍්‍රම හඳුන්වා දෙමින් මෙරට බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් පරිවර්තනය වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක් ඉටුකිරීමට සෙලාන් බැංකුව කටයුතු කරමින් සිටී.

scroll to top