සෙනෙට් සභා සෙංකෝලයේ නිර්මාණකරු අභාවප්‍රාප්ත වෙයි

වර්ෂ 1956 දී එවකට උත්තරීතර මන්ත්‍රී මණ්ඩලය වෙනුවෙන් (සෙනෙට් සභාව) සෙංකෝලය නිර්මාණය කළ දිවයිනේ සුප්‍රසිද්ධ විශිෂ්ඨ රන් කැටයම් ශිල්පියෙකු වූ ඇස්වෙද නයිදෙලාගේ පියතිලක මහතා ඊයේ (2017-05-03) පස්වරුවෙහිදී අභාවප්‍රාප්ත විය. මිය යන විට අසු අට වන වියෙහි පසු වූ මෙම විශිෂ්ට කලාකරුවා මීට දෙමසකට පෙර (දින 56කට) පාර්ලිමේන්තුව වෙත කැඳවා ඔහුගේ නිර්මාණය වසර 60කට පසු යලි ස්පර්ශ කර බැලීමේ අවස්ථාව සැලසු කථානායක කරු ජයසූරිය මහතා ඔහු ඇතුළු පවුලේ දූ දරුවන්ට දිවා භෝජනයෙන්ද සංග්‍රහ කර තුටු පඩුරු පිරිනැමීමට කටයුතු කළේය.

scroll to top