සුපිරිසිදු දේශපාලන මෙහෙයුම ඇරඹේ

Paffrel-1.jpg

මාර්තු 12 ව්‍යාපාරය විසින් සංවිධානය කරන සුපිරිසිදු දේශපාලන මෙහෙයුම අද (13) පෙරවරුවේ කොළඹ නිදහස් චතුරස්‍රයෙන් ආරම්භ කෙරින.

අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නාහිමි, අතිපූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමි, දිලෝරාජ් කනගසබේ රදගුරුතුමන් ඇතුළු පූජ්‍ය පූජක උතුමන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්වුණු අතර මාර්තු 12 ව්‍යාපාරය විසින් රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම වෙනුවෙන් සිදුකරන මෙම කාර්යය උන්වහන්සේලාගේ පැසසීමට ලක්විය.

අද සමාරම්භක උත්සවයෙන් පසුව මේ වන විට රථ පෙළපාලිය ගම්පහ නගරය කරා ගමන් කරමින් පවතින අතර අද පස්වරුවේ ගම්පහ සණස චතුරස්‍රයේදී ගම්පහ දිස්ත්‍රික් සමුලුව පැවැත්වීමට නියමිතය.

scroll to top