සිසුන්ගේ ව්‍යවසායකත්ව හා නවෝත්පාදන දක්ෂතා ප්‍රදර්ශනය කෙරුණු IIT Cutting Edge 2017

IIT.jpg

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර අධ්‍යනය පිලිබඳ බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපනය සැපයීමේ පුරෝගාමීන් වූ IIT (Informatic Institute of Tecnology) තම සිසුන්ගේ දක්ෂතා එළිදැක්වීම සඳහා පවත්වන්නා වූ වාර්ෂික Cutting Edge ප්‍රදර්ශනය මෙවර BMICH හිදී පවත්වන ලදී.

මෙවර ප්‍රදර්ශනය “ව්‍යවසායකත්වය හා අන්තර්ජාලය” යන තේමාව යටතේ පැවැත්වූ අතර ඒ සඳහා  IIT ආයතනයෙහි තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර අධ්‍යනය සම්බන්ධ සිසුන්ගේ ව්‍යාපෘති 70කට අධික ප්‍රමාණයක් ඇතුලත් විය.  පසුගිය වසර වලදී මෙම Cutting Edge ප්‍රදර්ශනය සඳහා සහභාගී වී ජයග්‍රහණය කළ ජයග්‍රාහකයින් බොහෝ දෙනෙක් NBQSA, mBillionth, e-Swabhimani, Microsoft Imagine Cup, APICTA වැනි දේශීය මෙන්ම ජාත්‍යාන්තර තරග නියෝජනය කිරීමටද අවස්ථාව ලබා ගෙන ඇත.

පසුගිය 27 වසරක් පුරාවටම ලංකාවේ බ්‍රිතාන්‍ය අධ්‍යාපනය ලබාදීම සඳහා පුරෝගාමීන් වී සිටින්නේ IIT ආයතනයයි. එසේම මෙම Cutting Edge ප්‍රදර්ශනය වසර ගණනාවක සිටම එහි වැදගත් අංගයක් වී ඇති අතර ඔවුන්ගේ  තොරතුරු තාක්ෂණ හා  ව්‍යාපාර අධ්‍යයන උපාධි අපේක්‍ෂකයින් හට සිය නිර්මාණශීලී ව්‍යාපෘති ප්‍රදර්ශනය කිරීම සඳහා හොඳම තෝතැන්න මෙම ප්‍රදර්ශනයයි දැක්විය හැක. ඔවුන්ගේ ව්‍යාපෘති හරහා නව්‍යකරණය තුලින් අනාගතය මෙන්ම සමාජය බලගැන්වීමකට උපකාරී වීමේ හැකියාවක්ද ඔවුන්ට ඇතිවන බව ආයතන සභාපති ආචාර්ය ගාමිණි වික්‍රමසිංහ මහතා මෙම වාර්ෂික ප්‍රදර්ශනය පිලිබඳ අදහස් දැක්වීමේදී පැවසීය.

තම නිර්මාණය ක්ෂේත්‍රයේ විශේෂඥයන් හා වෘත්තීයවේදීන් හට ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලැබුණු අතර ඒ හරහා ඔහුට ඉතා හොඳ ප්‍රතිචාර සහ උපදෙස්  රාශීයක් ලැබුණු බැවින් තම ව්‍යාපෘතිය ඉහල මට්ටමකට ගෙන ඒමට දොරටු විවෘත වූ බව මෙම වසරේ Cutting Edge සඳහා තම නව නිර්මාණය ඉදිරිපත් කළ  IIT ශිෂ්‍යයෙකු වන මලිත් සේනානායක පැවසීය.  එසේම තම ව්‍යාපෘතිය වූ “Green-Pay” හි අරමුණ වනුයේ වානිජකරණය වීම නිසා සීග්‍රයෙන් ඉහළ යන විදුලිබල ඉල්ලුමේ අහිතකර බලපෑම් අවම කිරීම සඳහා විසඳුමක් වශයෙන්  තොරතුරු පද්ධතියක් (IT)  සැකසීමයි. එහිදී Electric Vehicle (EV) සහ Vehicle-to-Grid (V2G) තාක්‍ෂණයන් යොදාගෙන විදුලිබල ජාලයට සහය දැක්වීමට Electric Vehicle (EV) ප්‍රයෝජනයට ගෙන එය ගබඩා කිරීමේ යන්ත්‍රයක් ලෙස යොදා ගන්නා බව තම ව්‍යාපෘතිය පිලිබඳ කරුණු දැක්වීමේදී ඔහු පැහැදිලි කරන ලදී.

 

Westminster BEng (Hons) සරසවියෙහි මෘදුකාංග ඉංජිනේරු උපාධි පාඨමාලාව හදාරණ වයස අවුරුදු 17ක් වූ ලාබාලතම ශිෂ්‍යයා ඉහාන් දිල්නාත් ලේල්වල අන්තර්ජාලය හරහා වාණිජ්‍ය වෙබ් අඩවි හා ජංගම දුරකථන හරහා තමන්ගේ රුචිය පරිදි සොයා ගත හැකි විවිධ වට්ටම් ලබා දෙන ආපනශාලා පිලිබඳ විස්තර ලබාදෙන පද්ධතියක් නිමවා තිබු අතර ආහාරපාන සඳහා උනන්දුවක් දක්වන සියලුම දෙන වෙනුවෙන් එය නිපදවූ බව ඔහු කියා සිටියේය. Cutting Edge සඳහා මෙම ව්‍යාපෘතිය ඉදිරිපත් කිරීමෙන් එය වැඩි දියුණු කරගැනීම සඳහා උපදෙස් මෙන්ම බොහෝ ප්‍රගතිශීලී අදහස් ඔහු වෙත පැමිණි වග තවදුරටත් අදහස් දැක්වීමේදී ඔහු පැවසීය.

Cutting Edge යනු ශිෂ්‍යයින් හට තම දැනුම පෙන්වා දීමට IIT ආයතනය විසින් ලබාදෙන තවත් විශිෂ්ට අවස්තාවක් බව අදහස් දැක්වූ IIT ආයතනයෙහි මෘදුකාංග ඉංජිනේරු උපාධි පාඨමාලාවක් හදාරණ අශ්ෆාක් අහමඩ් පැවසීය. ඔහු “Semi Colon” හි කණ්ඩායම් නායකයා වන අතර එය මෘදුකාංග ඉංජිනේරු සහ BIS කාණ්ඩය යටතේ පළමු ස්ථානයට පත්වූ “Tillow” හෙවත් Smart Pillow ව්‍යාපෘතියේ හිමිකාරිත්වය දරන සාමාජිකයෙක් ද වේ. මෙම Smart Pillow එක මගින් ඔබට දුරකථන ඇමතුම් ලබා ගැනීම, සංගීතයට සවන් දීම, වෙලාව දැනගැනීම හා දින දර්ශන ගබඩා කිරීම් ආදී තවත් බොහෝ ආකර්ෂණීය අංගයන් කළ හැකි අතර කටහඬ මගින් පාලනය වන කෘතීම බුද්ධිමය වැඩසටහනකින් සමන්විතය. මෙය නිපදවීමේ කණ්ඩායම ලෙස අංජන සුපුන්, ඇන්ඩ්රියා පෙරේරා, ඩිලන් පෝල්ස්, හෙෂ්මන්ති ප්‍රනාන්දු සහ අශ්ෆාක් අහමඩ් යන ශිෂ්‍යයින් හඳුන්වා දිය හැක.

වැඩි විස්තර සඳහා පහත යොමු වලින් IIT ආයතනය හා සම්බන්ද විය හැකිය.
admissions@iit.ac.lk

scroll to top