සාර්ක්කතානායකවරුන්ගේ සම්මේලනයේ 8වන මහා සමුළුව

Karu.jpg

සාර්ක්කතානායකවරුන්ගේ සම්මේලනයේ 8වන මහා සමුළුව අද පෙරවරුවේ හි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දි සමාරම්භ වුණා. මෙහි දී ශ්‍රී ලංකාවේ කතානායක කරූ ජයසූරිය මහතාට සාර්ක් කථානායකවරුන්ගේ සම්මේලනයේ සභාපති ධූරය හිමි වීම විශේෂත්වයක්. එමෙන් ම සාර්ක් කථානායකවරුන්ගේ සම්මේලනයේ උප සභාපති ධූරය හිමිවූයේ ඇෆ්ගනිස්ථානයේ කතානායක මොහොමඩ් නසීර් අහමඩ්සාඊ මහතාටයි. මින් පෙර සාර්ක් කථානායකවරුන්ගේ සම්මේලනයේ සභාපති ධූරය දැරූ මාලදිවයින පාර්ලිමේන්තුවේ කථානායක අබ්දුල්ලා මශීඩ් මහතා සඳහන් කළේ නව සභාපති කරූ ජයසූරිය මහතා යටතේ සාර්ක් කථානායකවරුන්ගේ සම්මේලනය තුළින්සුවිශේෂී කාර්යභාරයක් ඉදිරියේදී සිදු වනු ඇති බවට තමා විශ්වාස කරන බවයි.

scroll to top